Saturday 25 November 2023

ඉස්සරහට යන්න🤔

 


: හලෝව් කොහොමද ඉතින් ජීවිතේ?


: සුපිරියක් තමයි. ඉස්සරහට ගලා ගෙන යනවා ඉතින්: කඳු, පල්ලම්, කැලෑ, ගම් දනව් නගර මැද්දෙන්


: ඉතින් ඔහොම ගලාගෙන යන්නම ඕනි ද?


: නැතුව ඉතින්; ඒක තමයි ජීවිතේ කියන්නෙ. ඔහේ වගේ එක තැන ඉන්න එක නෙමෙයි ජීවිතේ 


: එහෙනම් මොකක්ද ජීවිතේ කියන්නෙ?


: ජිවිතේ කියන්නෙ අරමුණක් හදාගෙන ඒක වෙනුවෙන් මහන්සි වෙන එක. දැන් මම නම් මුහුද හොයාගෙන යනව මේ..


: ඉතින් ඒකට මාර කට්ටක් නෙහ් කන්නෙ?


: ඒ කට්ට නිසා ලස්සනකුත් තියෙනවා. දියඇලි කියන්නෙ අන්න ඒකට හොඳ උදාහරණයක්..


: ඒකත් ඇත්ත. හැබැයි මේ මං වගේ නැවතිලා ඉන්න එක ගැන මොකද හිතන්නෙ


: තමුන්ද? තමුන් එක තැන පල් වෙනව නෙහ්… දියුණුවක් තියෙනවද? අරමුණක් තියෙනවද? ඕකට ජීවත් වෙනවා කියල කියන්න පුළුවන්ද?


: මටත් ලොකු අරමුණක් තියෙනව ජීවිතේ


: (කින්ඩියට) සිරාවට? කියමුකො බලන්න එහෙනම්


: මං නිසා මේ පලාතෙම මිනිස්සුන්ට කොච්චර ප්‍රයෝජනයක් ද? කන්න බොන්න නාන්න වවන්න හැමදේකටම වතුර දෙන්නෙ මම නෙහ්..


ඒ වගේම හවසට බලන් ඉන්න කොච්චර ලස්සනද?


: (කල්පනා කරමින්) ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි මොනවා උනත් ජීවිතේ ඉස්සරහට ගලා ගෙන යන තමයි වැදගත්ම…


: ඇයි ආයෙත් එහෙම කියන්නෙ?


: කෝ තමුන් ජීවිතෙ විඳල තියෙනවද? අත් දැකල තියෙනවද කිසි දෙයක් නෑ. එක තැන පල් වෙවී ඉන්නව. අනිත් අයට උදව් කරන එක හරි තමයි. තමුන්ගෙ ජීවිතේට මොනවත් නෑ නෙහ්..


: ම්ම් ඒක ඇත්ත තමයි. මට එහෙම ජීවිතේ ලොකුවට විඳින්න කියලත් වුවමනාවක් නෑ…. ජීවිතේ මොන වගේ ද කියලා මම ඉතින් මාව පහු කරගෙන යන අයගෙන් අහලා දැන ගන්නවා..


: දැන් ගන්න එකයි, ඒක තමුන්ම විඳින එකයි දෙකක් මනුස්සයො…


: අනේ මන්දා මට නම් හිතෙන්නම මෙහෙම ඉන්න එක නිදහසයි නිස්කලංකයි කියලා..


: ඔහෙට කියලා වැඩක් නෑ… මගෙ වෙලාවත් නාස්ති වෙනවා… මම යනවා යන්න…


: හරී සුබ ගමන් එහෙනම් for the adventurous life ahead🤗


ජිවිතේ අරමුණු පස්සෙ ඉස්සරහට යන්නම ඕනිද?

(යනව නම් කමක් නෑ දුවන එක නෙහ් කරන්නෙ 🙁)












මං සහ මඟ