Tuesday 16 August 2022

අධ්‍යාපනය vs ඉගෙනගැනීම

ටික දවසකට පස්සෙ ආයෙ ලියන්න පටන්

 ගත්තෙ කොළඹ ගමයා blog එක ලියන 

අජිත් මාමා (මම නම් මාමෙ කියල කියන්නෙ😁. 

ගොඩක් පිටරට ඉන්න අය කැමති සහ 

එයාලා පුරුදූ වෙලා ඉන්නෙ නම විතරක් 

කියලා කතා කරන්න, එතකොට ඒක 

familiar නැහැ; ඒ නිසා නම විතරක් කියන

 එකට නම් ආස නෑ..) ඇහුවා කෝ අලුත් 

පෝස්ට් කියලා, ඉතින් මං වගේ introvert 

කෙනෙක්ට සහ blog වල නවකයෙක්ට,

 post එකක් ලියන්න හිතෙන්න ඒ වගේ

 පොඩි දෙයක් උනත් ලොකු බලපෑම් 

සහගත ( impactful) දෙයක් වෙන්න පුලුවන්… 


ඉතින් අපි කතාවට බහිමුකො…


අන්තිම පෝස්ට් එක අපි නතර කරේ 

අධ්‍යාපනය කියන ප්‍රබල උපකරණය,

 ආයෝජනය මාර්ගයෙන් අපිට වඩාත්

 යහපත් සමාජයක්, රටක්, ලෝකයක් 

ගොඩ නඟා ගන්න පුලුවන් කියලා 

( මට නම් හිතෙන විදියට ඒක තමයි 

හොඳම විදිය….. 😇)




හරි ඉතින් එතකොට මොකක්ද අධ්‍යාපනය

එහෙම නැත්නම් Education කියලා කියන්නෙ? 


නිර්වචනයට අනුව ඉගෙනුම් - ඉගැන්වීම්

 සමස්ත ක්‍රියාවලිය අපි පොදුවේ කියනවා

 අධ්‍යාපනය කියලා.  


එතකොට ගුරුවරු, ඉගෙන ගන්න අය, 

විෂය නිර්දේශ, යටිතල පහසුකම්, සහ එකී

මෙකී නොකී ගොඩක් දේවල් වලින් සමන්විත 

ලොකූ system එකක් තමයි අධ්‍යාපනය කියන්නෙ.  


විධිමත් අධ්‍යාපනය කියල එහෙම අපි

 ගොඩක් කියන්නෙ මේකට. 

ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න එක.



"ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න එක" 

කියන්නෙ අධ්‍යාපනය නම් එතකොට 

ඉගෙන ගන්නව කියන්නෙ මොකක්ද? 


ඒකත් මාර ප්‍රශ්නයක් තමයි අධ්‍යාපනයයි

 ඉගෙන ගැනීමයි කියන්නෙ එකක් නෙමේද? 🤔 


Google දිව්‍යාරාජයාට පින් සිද්ධ වෙන්න

 අපිට පුලුවන් ඕනිම දෙයක් බොහොම 

ලේසියෙන් ඉක්මනට හොයලා බලලා 

 ඉගෙන ගන්න. ඉතින් මාත් හොයලා බැලුවා 

මේ දෙක එකක් ද?දෙකක් ද? කියලා.  


අධ්‍යාපනයයි ඉගෙනගැනීමයි කියන්නෙ 

ඇත්තටම සංකල්ප දෙයක්, අධ්‍යාපනය

 ඇතුලෙ ඉගෙන ගැනීම තියෙනවා, 

ඒත් ඉගෙන ගැනීම කියන එකේ පරාසය 

ගොඩක් ලොකුයි… 


ඉගෙන ගැනීම කියන්නෙ දැනුම, කුසලතා,

 ආකල්ප, චර්යාරටා, අදහස්, සංකල්ප 

නිර්මාණය/ ගොඩනගා ගන්න ක්‍රියාවලිය.  


අපි අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදලා, 

ඉපදුනු වෙලාවෙ ඉදලා ඉගෙන ගන්නවා.

 ඊට පස්සෙ අනුකරනය කරන්න ඉගෙන

 ගන්නවා, කතා කරන්න එහෙමත්.. 


තව අපි ආස දේවල් කරන්න, බයිසිකල්

 පදින්න, සිංදු කියන්න, උයන්න පිහන්න

 වගේ හැමදේම අපි ඉගෙන ගන්නව නෙහ්.


ඊට අමතරව අපිට ඉගෙන ගන්න ඕනි තරම්

 ක්‍රම තියෙනවා. 

උදා:- පොත්, පත්තර කියවලා, වීඩියෝ / 

චිත්‍රපට බලල, අත්දැකීම් වලින්, දේවල් 

ප්‍රයෝගිකව කරල බලල (trial and error),

 දන්න අයගෙන් අහල බලල.

 

සරලවම කීවොත් අපි කරන කියන හැමදේම

 මොකක් හරි විදියකට අපි ඉගෙන ගත්තු දේවල්

 ටිකක්... 

 

 


එතකොට දැන් මේ අධ්‍යාපනයෙයි ඉගෙන

ගැනීම කියන එකෙයි වෙනස්කම් මොනවද? 


අධ්‍යාපනය කීවම විෂය නිර්දේශයක්

 තියෙනවා, ඒක ශිෂ්‍යාට දෙන එක තමයි

 මූලික වෙන්නෙ. 


ඒකියන්නෙ පොඩි content / information

 delivery system එකක්. අපි නිකම්

 delivery service එකකින් තව 

කෙනෙක්ට භාණ්ඩයක් යවනවා වගේ 

ක්‍රියාවලියක්…  

ගුරුවරයා අදාල විෂය නිර්දේශය කියන 

එක ලමයට දෙන්නයි තියෙන්නෙ. 

හරි සරලයි.  


හැබැයි ඉගෙන ගැනීම ඊට වඩා ටිකක් 

වෙනස්. මෙතනදි ප්‍රධාන වශයෙන්  

ශිෂ්‍යයා හෝ ඉගෙන ගන්න කෙනා(learner) 

තමයි මූලික කෙනා වෙන්නෙ.  


මෙන්න මේ comparison දෙක බැලුවම 

වඩාත් හොඳින් තේරුම් ගන්න පුලුවන් වෙයි👇



  1. අධ්‍යාපනයෙදි ගුරුවරයා ක්‍රියාකාරී වෙනවා;

     ඉගෙනීමෙදි ශිෂ්‍යයා ක්‍රියාකාරී වෙනවා.

  2. අධ්‍යාපනය විෂයනිර්දේශය මත පදනම් වෙනවා; 

    ඉගෙනීම කුතුහලය, නව දැනුම ලබා ගැනීමට 

    තියෙන ආශාව මත පදනම් වෙනවා 

  3.  අධ්‍යාපනය ලබන්න අපි කැමති/ අභිප්‍රේරණය 

    වෙන්නෙ අපිට ලැබෙන බාහිර ප්‍රයෝජනයක් හෝ 

    ප්‍රතිලාභක් නිසා ( හොඳ රැකියාවක් ලබා ගැනීම). ; 

    ඉගෙන ගැනීමේදී ඉගෙන ගන්න කෙනාගෙ 

    කැමැත්තෙන්මයි ඉගෙන ගන්නෙ.

  4. අධ්‍යාපනයෙදි අනිවාරෙන් ගුරුවරයෙක් ඉන්නවා; 

    ඉගෙන ගන්නකොට ගුරුවරයෙක් අවශ්‍යම නැහැ

  5.  අධ්‍යාපනය කියන්නෙ පද්ධතියක්( system එකක්); 

    ඉගෙන ගැනීම කියන්නෙ ක්‍රියාවලියක් (process එකක්) 

  6. අධ්‍යාපනය සාමාන්‍යෙන් නිශ්චිත වයසකින් පස්සෙ 

    ඉවර කරනවා හැබැයි ඉගෙන ගන්න එක අපි 

    ඉපදුනු වෙලේ ඉදලා මැරෙනකල්ම කරන දෙයක්.. 



ඊලගට අපි බලන්නෙ අධ්‍යාපනය ලබන්න

 හෝ ඉගෙන ගන්න එක 

ඇයි වැදගත් වෙන්නෙ කියලා…. 




Photo credit: Internet

පින්තූර අන්තර්ජාලයෙන්




මං සහ මඟ