Saturday 25 November 2023

ඉස්සරහට යන්න🤔

 


: හලෝව් කොහොමද ඉතින් ජීවිතේ?


: සුපිරියක් තමයි. ඉස්සරහට ගලා ගෙන යනවා ඉතින්: කඳු, පල්ලම්, කැලෑ, ගම් දනව් නගර මැද්දෙන්


: ඉතින් ඔහොම ගලාගෙන යන්නම ඕනි ද?


: නැතුව ඉතින්; ඒක තමයි ජීවිතේ කියන්නෙ. ඔහේ වගේ එක තැන ඉන්න එක නෙමෙයි ජීවිතේ 


: එහෙනම් මොකක්ද ජීවිතේ කියන්නෙ?


: ජිවිතේ කියන්නෙ අරමුණක් හදාගෙන ඒක වෙනුවෙන් මහන්සි වෙන එක. දැන් මම නම් මුහුද හොයාගෙන යනව මේ..


: ඉතින් ඒකට මාර කට්ටක් නෙහ් කන්නෙ?


: ඒ කට්ට නිසා ලස්සනකුත් තියෙනවා. දියඇලි කියන්නෙ අන්න ඒකට හොඳ උදාහරණයක්..


: ඒකත් ඇත්ත. හැබැයි මේ මං වගේ නැවතිලා ඉන්න එක ගැන මොකද හිතන්නෙ


: තමුන්ද? තමුන් එක තැන පල් වෙනව නෙහ්… දියුණුවක් තියෙනවද? අරමුණක් තියෙනවද? ඕකට ජීවත් වෙනවා කියල කියන්න පුළුවන්ද?


: මටත් ලොකු අරමුණක් තියෙනව ජීවිතේ


: (කින්ඩියට) සිරාවට? කියමුකො බලන්න එහෙනම්


: මං නිසා මේ පලාතෙම මිනිස්සුන්ට කොච්චර ප්‍රයෝජනයක් ද? කන්න බොන්න නාන්න වවන්න හැමදේකටම වතුර දෙන්නෙ මම නෙහ්..


ඒ වගේම හවසට බලන් ඉන්න කොච්චර ලස්සනද?


: (කල්පනා කරමින්) ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි මොනවා උනත් ජීවිතේ ඉස්සරහට ගලා ගෙන යන තමයි වැදගත්ම…


: ඇයි ආයෙත් එහෙම කියන්නෙ?


: කෝ තමුන් ජීවිතෙ විඳල තියෙනවද? අත් දැකල තියෙනවද කිසි දෙයක් නෑ. එක තැන පල් වෙවී ඉන්නව. අනිත් අයට උදව් කරන එක හරි තමයි. තමුන්ගෙ ජීවිතේට මොනවත් නෑ නෙහ්..


: ම්ම් ඒක ඇත්ත තමයි. මට එහෙම ජීවිතේ ලොකුවට විඳින්න කියලත් වුවමනාවක් නෑ…. ජීවිතේ මොන වගේ ද කියලා මම ඉතින් මාව පහු කරගෙන යන අයගෙන් අහලා දැන ගන්නවා..


: දැන් ගන්න එකයි, ඒක තමුන්ම විඳින එකයි දෙකක් මනුස්සයො…


: අනේ මන්දා මට නම් හිතෙන්නම මෙහෙම ඉන්න එක නිදහසයි නිස්කලංකයි කියලා..


: ඔහෙට කියලා වැඩක් නෑ… මගෙ වෙලාවත් නාස්ති වෙනවා… මම යනවා යන්න…


: හරී සුබ ගමන් එහෙනම් for the adventurous life ahead🤗


ජිවිතේ අරමුණු පස්සෙ ඉස්සරහට යන්නම ඕනිද?

(යනව නම් කමක් නෑ දුවන එක නෙහ් කරන්නෙ 🙁)












13 comments:

  1. එකම ගඟ දෙවරක් ගලා නොබසී කියලා පරණ ග්‍රීක කථාවක් තියෙනවා....තනි වාක්‍යක් උනත් ලොකු තේරුමක් තියෙනවා...මේ පෝස්ට් එක දැක්කම ඒක මතක් උනා.. මයියා - http://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එකම මනුස්සයකුට එකම ගඟකට බහින්න බෑ කියලත් තියෙනවා නොවැ🤓

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. මිනිස්සුන්ගේ ජරාව මගේ ඇඟේ ගාන්න එපා කියලා කිව්වේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් කීවට අහන්නෙ නෑ නෙහ්😕

      Delete
  4. ඔව්, ජීවිතය ඉදිරියටම ඇදිය යුතුයි අනිවාර්‍යෙන්ම.

    ReplyDelete
    Replies
    1. ගල්මල්, එහෙම ඕනිම වෙන්නෙ ඇයි කියලයි තේරෙන්නෙ නැත්තෙ🤔

      Delete
  5. අරමුණක් තියාගෙන යන එකනම් හොඳයි

    ReplyDelete
  6. ලැබුනු දිවිය සාර්ථකව පය ගහලා
    ලැබෙන නොයෙක් අත්දැකුමෙන් දිරි ලබලා
    දුවන එක නොවෙයි තේරුම් ගෙන හිතලා
    දිනන එකත් වටිනව ගඟ සේ ගලලා...

    අපූරුයි නමී.
    ජයවේවා !!!

    ReplyDelete
  7. ඔබගේ බ්ලොග් අඩවිය සින්ඩියට ඇතුලත්කොට තිබුනි. ඒ දුහුනන් මැවුම් සඳහා වෙන්කොට ඇති "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේය! අපගේ කණ්ඩායම ගත් ප්‍රථිපත්තිමය තීරණයක් මත ඒය; ඊට අමතරව බ්ලොග් සඟරා යටතේද පෙලගස්වා ඇත! දිගටම ලියන්න!

    ReplyDelete

මං සහ මඟ