Tuesday, 20 September 2022

නමක් පස්සෙ දාමු.....

 

එදා අලුත්ම අලුත් ලස්සන දවසක් පටන් ගත්තා

 විතරයි. වෙලාව උදේ 5.45 ට විතර ඇති. 

ඉර පායගෙන එන වෙලාව. නැගෙනහිර පැත්තෙ

 අහසෙ ලා තැඹිලි පාටක්  තමයි තිබුනෙ. පරිසරය

 හරිම නිස්කලංකයි. නිදහස්. සාමකාමී. 

හිත මාර විදියට සැහැල්ලුයි. 


හතර වටෙන්ම ඇහෙන්න කුරුල්ලො කෑගහන 

කිචි බිචි සද්දෙ විතරයි. අහසෙ එහෙට මෙහෙට 

රංචු රංචු කුරුල්ලො පියාඹනවා පේනවා.


 මොන පැත්ත බැලුවත් එක එක ජාතියෙ ගස් 

කොලන් විතරයි.  අඹ, රඹුටන්, කැන්ද, තේක්ක,

 කොස්, ලුණුමිදෙල්ල, නැදුන්, පොල් වගේ ගස් 

ගොඩකින් වට වෙච්චි පොඩි ලස්සන වත්තක

 උදේට තියෙන සිරියාව මෙහෙම වචනෙන් කියන්න 

කොහෙත්ම බැහැ. 




තව තිබුනා ඇට්ටේරියා ගහක් ඒකේ ගහ 

වැහෙන්නම සුදු පාටට මල් පිපිලා. ඇට්ටේරියා

 මල් මාර සුවඳක් තියෙන්නෙ.  රෝස, සේපාලිකා,

 වතුසුද්ද  මල් වගේම තව පොඩි පොඩි මල් 

පාත්තිත් කීපයක්ම තියෙනවා. උදෙන්ම ගොඩක්

 මල් පිපීගෙනයි එන්නෙ.




 ඒ මල් ඔක්කොගෙම සුවඳවල් එකතු වෙලා එන

 අමුතුම සුවඳට කොච්චර කැමතිද?

මං ගැඹුරු හුස්මක් ගත්තා මල් සුවඳත් එක්කම. 

ඔලුවයි ඇඟයි ගොඩාක් සැහැල්ලුයි. 

හිතට කිසිම බරක් නෑ. හරිම සංසුන්. 

හුස්ම පහළට දාලා මං ආයෙමත් ගැඹුරු හුස්මක්

 ගත්තා. 


උදේ පාන්දර සීතල හුලඟත් එක්ක ඒ දැනෙන

 සනීපය හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න නැති

 කරලා දවසකට නෙමේ දවස් දෙක තුනකටම 

ඇති වෙන්න තරම් ප්‍රබෝධයක් දෙන්න තරම් 

ප්‍රමාණවත්. 


මං ආයෙමත් ගැඹුරු හුස්මක් ගත්තා. ඒ දැනෙන

 නිදහස සැහැල්ලුව නේද අපිට ජීවිතේ පුරාවටම

 ඕනි? 

චූටී පවුලක්; දරු පැටව් දෙතුන්දෙනෙක් එක්ක,

 පොඩි ලස්සන ගෙදරක, අපිට ඕනි දේවල් එක්ක 

හිනා වෙලා සතුටින් ඉන්න තියෙනවා නම්  ජීවිතේ

 කොච්චර සුන්දරද?


ඒ නිදහස සැනසිල්ල විඳින්න තව ගැඹුරු හුස්ම 

කීපයක්ම ගත්ත මම ගේ පැත්තට එන්න 

හැරුණා විතරයි……..



මගෙ ඔලුවට හයියෙන් මොකක් හරි වැදුනා. මට

සිහිය නැති වුනා වාගෙයි දැනුනෙ. කිසිම දෙයක් 

පෙනුනෙ නෑ. හොඳටම කලුවරයි. අත පය 

හොල්ලන්නත් බෑ කියලා ඒ මදිවට.


මගෙ පපුව ඩිග් ඩිග් ඩිග් ගාලා වේගෙන් ගැහෙන්න 

පටන් ගත්තා, හුස්ම ගන්න වේගෙත් හොඳටම 

වැඩි වෙලා මං හොඳටම බය වෙලා හිටියෙ. 


මොකක් ද මේ වෙන්නෙ මට කිසිම දෙයක් 

තේරෙන්නෙ නෑ. එක පාරට මාව වේගෙන් පහලට 

ඇදීලා යන්න පටන් ගත්තා. නිකම් අර පැරශුට්

 එකකින් පැන්නම බිමට වැටෙනවා වගේ


"අනේ අම්මේ මාව බේරගන්නකෝ; මොකක්ද මේ

 වෙන්නේ; මට උදව් කරන්න කෙනෙක් නැද්ද  

අයියෝ" කියලා හයියෙන් කෑ ගැහුනා


ටික ටික පහලට ‍යන වේගය අඩු වෙනවත් 

එක්කම මගෙ ඇස් වලට ආලෝකයක් වැටෙනවා

 දැනුනා. පපුව තාමත් ගැහෙනවා මට නිකම් 

පිස්සු වගේ. මොකක්ද මේ එක පාරටම උනේ මට


දැන් පහලට යන එක නතර වුනා. මං කොහෙ හරි

 පාවෙවී ඉන්නවා ඇති කියලයි මට හිතුනෙ.

 හැබැයි අතපය හොල්ලන්නවත් බෑ. තියෙන

 එකම දේ ඇස් වලට ආලෝකයක්  වැටුන

 එක විතරයි.


මට  ඇඬෙන්න එනවා අප්ප. මොකක්ද මේ වුනේ

 කොහෙද ඉන්නෙ මොනවා කරන්නද කියලා 

කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. 


මගේ ජීවිතේ අන්තිම මොහොතද දන්නෙත් නෑ.

 මං ජීවත් වෙනන තියෙන ආසාව අත ඇරලා

 දැම්මා.මගෙ ඇස් වලින් කදුලු බිංදුව බිංදුව

 වැටෙන්න පටන් ගත්තෙ මටත් නොදැනිම. 

අම්ම, තාත්තා, අයියා   එක්කෙනා  

එක්කෙනා ගානෙ මගෙ මතකෙට ආවා……


මගේ ඔලුවෙ ඒ මදිවට සිංදුත් play වෙනවා.


"අවසාන මොහෝත මාගේ…

මං මැරීලා යාවි වාගේ

පෙනේවී රූපේ ඔබගේ මැවි මැවී මාගෙ අම්මේ ඒ.

 දැනෙයි ඔබෙ සුවද අම්මේ…."


ජීවිතේ ඇතුලෙ අපි එක පාරටම තනි වුනොත් 

ඒකට කොහොම මූණ දෙන්නද? අම්ම,

 තාත්තගෙ ආදරෙ, එයාලගෙ වටිනාකම 

කොච්චරක් ද මට හොඳටම තේරුනේ ඒ 

වෙලාවෙ..

 

 

 

මතු සම්බන්ධයි........ 





මං සහ මඟ