Showing posts with label About me. Show all posts
Showing posts with label About me. Show all posts

Monday 31 October 2022

Social media සහ අපේ ජීවිතේ....

හුඟ කාලෙකට පස්සෙ ආයෙ ලියන්න කියලා 

හිතුනා. මේ දවස් වල කරන්නේ ගොඩක් යූබටේ 

වීඩියෝ බලන එක

 (යූබටේ වචනය බස්සාගෙන් උස්සන ලදි.) 


ලියන්න පටන් ගන්න හේතු 2 මූලික උනා.

 පලවෙනි එක තමයි යූබටේ බලපු වීඩියෝ වල 

හිටපු Seth Godin කියලා ඇමරිකානු මහත්මයෙක්ගෙ 

දේශන වගයක්. දෙවෙනි එක තමයි ඩ්‍රැකී කමෙන්ට්

 එකක කියලා තිබුනා පොඩි ඩ්‍රැකී කතන්දර උනත් 

දැන ගන්නෙ යූබටෙන් කියලා…  


ඉතින් ලියන්න මාර දේවල් ගොඩක් තියෙනවා 

කොතනින් පටන් ගන්නද කියලා කල්පනා කරෙ. 

නිදි මාමා කීවා නෙහ් storyboard ගැන. යූබටෙන්ම 

බැලුවා ඒක ගැනත්.. එච්චර හරිගියෙ නෑ.



 සමාජ මාධ්‍ය කියන්නෙ අපේ මූලික මිනිස් අවශ්‍යතාවක්

 වන මානව සම්බන්ධතා පවත්වා ගන්න උදව් වෙන

 උපකරණයක් කියලයි මට හිතෙන්නෙ. 

ඒ කියන්නෙ සමාජය කියන එකත් එක්ක ගනුදෙනු 

කරන්නෙ සමාජ මාධ්‍ය හරහා. 


එතකොට මගෙ සමාජ ජාල ජීවිතෙත් දැන් වෙනකොට

 අවුරුදු 5ක් විතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවම. 

2016 මං 9 වසරෙදි විතර (මට මතක විදියට) google 

ආයතනයේ සමාජ ජාලයක් වුණ Google plus එහෙම 

නැත්නම් g+ හරහා සමාජය ජාලයට අත්පොත් තිබ්බ. 


ඒකෙන් කොහොමහරි සිංහල ජාතිවාදෙ පතුරපු

 සෙට් එකක් තමයි මුලින්ම හම්බුනේ… ඉතින් හරි 

ඊට පස්සෙ සෑහෙන කාලයක් ජාතිවාදියෙක්😂😂😂


2017.04.01 මෝඩයන්ගේ දවසෙදි facebook එකට

 එකතු වෙලත් කරේ එකම දෙයයි…

ජාතිවාදෙ😂


ඔහොම අවුරුද්දක් යන්න ඇති, එක දවසක් කවුරු

 හරි කීව මල්ලි මෙහෙමයි ඔයාව ආරක්ෂක 

අමාත්‍යාංශයේ කෙනෙක් හොයනවා කියලා,

 ජාතිවාදෙ ගැන පෝස්ට් දාන නිසා😂

 


එදායින් පස්සෙ ජාතිවාදෙ ලෙඩේ හොඳ උනා.


ඊට පස්සෙ කරන්න දේකුත් එපැයි කොහොමින් 

කොහොමින් හරි g+ එකෙන් පොඩි පොඩි කෙටිකතා, 

නවකතා එහෙන කියවන්න හම්බුනා… 

ඒකත් හොඳටම අල්ලලා ගියා


ඉතින් ජාතිවාදෙ ඉවර උනාට පස්සෙ g+ එකෙයි, 

fb එකෙයි ගොඩක් කතා කියෙව්වා. 


2018 ඕ ලෙවල් ඉවර උනාට පස්සෙ නම් කරපු 

එකම දේ pdf නවකතා කියෙව්වා සෑහෙන්න. 

රමණි බුලත්සිංහල, එඩ්වඩ් මල්ලවආරච්චි, 

ගයානා s ලක්මාලි, යෞවන සමීන්ද්‍ර, වගේ

ගොඩක් අයගෙ ප්‍රේම කතා.


ඒකත් එපා උනා.. ඒවා ඇත්ත ලෝකෙ වෙන්නෙ 

නැති නිසා. හෙන ගොං බොඳල කතා

 (සුජීව ප්‍රසන්නගෙ පොත් නම් වැඩියෙ කියෙව්වෙ නෑ😂)


අනිත් හේතුව තමයි ඇස්වලින් කදුලු එන්න ගත්තා 

ගොඩක් වෙලා එක දිගට screen එක දිහා 

බලාගෙන ඉදලම…. 


2019 විතරම google ආයතනය g+ එක නවත්තලා

 දැම්මා. ඊට පස්සෙ ඒකෙ හිටපු අය fb එකට ගියා. 

fb යන්න අකමැති අය mewe කියලා වෙන

 social media එකකට ගියා.

 මාත් ඒකට ගියා..ඒක එච්චරම සාර්ථක උනේ නෑ…


ඊට පස්සෙ ගොඩක් දුරට fb එක තමයි තිබුනෙ.

 ඊට අමතරව instagram එකට join වෙලා හිටියත්

 ඒක එච්චර හරි ගියෙ නෑ. බොරුවට show off කරන

 දේවල් වලට වගේ නම් ඒක හොඳයි….



ඔය අතරතුර චන්දිම ගෝමස් මහත්තයගෙ පොතක්

 හම්බුනා ධනවතෙකු වෙන්නෙ කොහොමද කියලා. 

ඒක මරු පොත. ඉතින් කවුද මේ චන්දිම ගෝමස්

 කියලා හොයන කොට එයාගෙ blog එක හම්බුනා.

 ඒකෙ පරණ පෝස්ට් එහෙම කියවලා, කමෙන්ට්

 දාපු අයගේ blog වලට එහෙමත් ගිහින් එහෙට 

මෙහෙට කැරකිලා බැලුවා 


ඒ වැඩෙත් (blogs) මරු. මුලින්ම හම්බුන සින්ඩිය 

තමයි අඹ ගහ යට සින්ඩිය, ඒකත්  චන්දිම ගෝමස් 

මහත්මයගෙ blog එකේ කොනක අටවල තිබිලා 

තමා හම්බුනේ.  ඔන්න එතනින් පස්සෙ තමයි blog 

වලට ආවෙ. 

හුඟ කාලයක් කියෙව්වට පස්සෙ තට්ට මාම, 

සහ ඔයාලා හැමෝගෙම උනන්දු කිරීම් මත ලියන්නත් 

පටන් ගත්තා. 💖🔥🥰


ජීවිතේ සෑහෙන වෙනසක් උනා Telegram නිසා. 

පාස්කු ප්‍රහාරෙයි, කොරෝනයි නිසා ඉස්කෝල

 වහල තිබුන නිසා පන්ති එහෙම තිබුනෙ online. 

ඒකාලෙ කොහොමහරි telegram එකට යන්න 

හම්බුනා.


telegram එකේ අපි group හදාගෙන, අපිත් අපේ 

වැඩ ටික කරගන්න ගමන්,අනිත් ළමයිටත් ඉගෙන 

ගන්න support එකත් දුන්නා. 


ඊට අමතරව මනෝවිශ්ලේෂණය, දීප්ති, 

X කණ්ඩායම, සමබිම පක්ෂය ගැන දැන ගන්න

 පාර කැපුනෙත් telegram නිසා.

 ඒ පාරෙන්ම තමයි ගොඩක් films බලන්නත් 

යොමු උනේ, ඒකත් මාර වටිනවා.


ඒ වගේම අද වෙනකල්ම ජීවිතේට බලපාන

 ගොඩක් දේවල් telegram එක නිසා සිද්ධ වුනා. 


ඊළට clubhouse එක. ඒක ඇවිල්ලා voice chat 

කරන platform එකක්, invitation එකකින් විතරයි 

කාටහරි join වෙන්න පුලුවන්. 


cryptocurrency ගැන මොකක් හරි හොය හොය 

ඉන්නකොට තමයි clubhouse එකට යන්න පාර 

කැපුණෙ. 


ඒකත් මරු. ගොඩක් දේවල් ඉගෙන ගත්තා, දැන් 

කරන job කට්ට හම්බුනෙත් ඒකෙ

 කතා කර කර ඉන්නකොට… 


තවත් කිව යුතු වැදගත් සමාජ මාධ්‍ය 2ක් තියෙනවා. 

තව පොඩ්ඩෙන් අමතක වෙනවා. 

Linkedin කියන්නෙ වෘත්තිමය සමාජ ජාලයක්.

 ඒකෙන් පුලුවන් අපිට රස්සා එහෙම හොයාගන්න 

වගේ දේවල්


අනිත් වැදගත්ම එක. යූබටෙ (Youtube) මං මේ 

දවස් වල වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ ඒක. 

උඩදි කියපු Seth Godin කියන කෙනා ඇතුලු තව 

ගොඩක් අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 

යූබටේ ඉතින් මට නම් තනිකරම දැනුම් ගුහාවක්. 


තව ඉතින් ඕනි නම් tiktok සහ youtube 

එකේ වෙන බලන්න ඕනි තරම් දේවල් තියෙනවා. 

හැබැයි ගොඩක් ඇබ්බැහි වෙන සුලුයි.

 

ඉතින් සමාජ මාධ්‍ය තිබුණෙ නැත්නම් අපේ ජීවිත

 කොහොම තියේවිද කියලත් හිතාගන්න අමාරුයි. 

ඔහොම බැලුවම මිනිස්සු කියන අපි සමාජයෙන් 

කොටසක්, අපි සමාජයට බද්ධ වෙලා ඉන්නෙ. 

ඉතින් සමාජ මාධ්‍යත් ඒ විදියටම 

(එකිනෙකාට අඩු වැඩි වශයෙන්) 

අපේ ජීවිත වලට බද්ධ වෙලා. 

 

ඉතින් සමාජ මාධ්‍ය කියන්නෙ හොඳ හෝ නරක 

කියල අපිට කියන්න අමාරුයි. ඒකත් තුවක්කුව, 

පිහිය වගේම තවත් එක උපකරණයක් විතරයි. 

ඒක හරියට පාවිච්චි කරන එක අපේ වගකීම 

ඒ වගේම අපේ අනාගත පරපුරට කියලා දෙන එකත්

 අපේ වගකීමෙම කොටසක්. 


ඉතින් සමාජ මාධ්‍ය වල නරක පැත්ත ගැන කතා

 කරනකොට Netflix මඟින් ඉදිරිපත් වුන 

The social dilemma කියන documentary

  එක බොහොම වැදගත්.

ඒක බලන එක ඔයාලට homework එකක්🤗🤓 







Tuesday 16 August 2022

අධ්‍යාපනය vs ඉගෙනගැනීම

ටික දවසකට පස්සෙ ආයෙ ලියන්න පටන්

 ගත්තෙ කොළඹ ගමයා blog එක ලියන 

අජිත් මාමා (මම නම් මාමෙ කියල කියන්නෙ😁. 

ගොඩක් පිටරට ඉන්න අය කැමති සහ 

එයාලා පුරුදූ වෙලා ඉන්නෙ නම විතරක් 

කියලා කතා කරන්න, එතකොට ඒක 

familiar නැහැ; ඒ නිසා නම විතරක් කියන

 එකට නම් ආස නෑ..) ඇහුවා කෝ අලුත් 

පෝස්ට් කියලා, ඉතින් මං වගේ introvert 

කෙනෙක්ට සහ blog වල නවකයෙක්ට,

 post එකක් ලියන්න හිතෙන්න ඒ වගේ

 පොඩි දෙයක් උනත් ලොකු බලපෑම් 

සහගත ( impactful) දෙයක් වෙන්න පුලුවන්… 


ඉතින් අපි කතාවට බහිමුකො…


අන්තිම පෝස්ට් එක අපි නතර කරේ 

අධ්‍යාපනය කියන ප්‍රබල උපකරණය,

 ආයෝජනය මාර්ගයෙන් අපිට වඩාත්

 යහපත් සමාජයක්, රටක්, ලෝකයක් 

ගොඩ නඟා ගන්න පුලුවන් කියලා 

( මට නම් හිතෙන විදියට ඒක තමයි 

හොඳම විදිය….. 😇)




හරි ඉතින් එතකොට මොකක්ද අධ්‍යාපනය

එහෙම නැත්නම් Education කියලා කියන්නෙ? 


නිර්වචනයට අනුව ඉගෙනුම් - ඉගැන්වීම්

 සමස්ත ක්‍රියාවලිය අපි පොදුවේ කියනවා

 අධ්‍යාපනය කියලා.  


එතකොට ගුරුවරු, ඉගෙන ගන්න අය, 

විෂය නිර්දේශ, යටිතල පහසුකම්, සහ එකී

මෙකී නොකී ගොඩක් දේවල් වලින් සමන්විත 

ලොකූ system එකක් තමයි අධ්‍යාපනය කියන්නෙ.  


විධිමත් අධ්‍යාපනය කියල එහෙම අපි

 ගොඩක් කියන්නෙ මේකට. 

ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න එක.



"ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න එක" 

කියන්නෙ අධ්‍යාපනය නම් එතකොට 

ඉගෙන ගන්නව කියන්නෙ මොකක්ද? 


ඒකත් මාර ප්‍රශ්නයක් තමයි අධ්‍යාපනයයි

 ඉගෙන ගැනීමයි කියන්නෙ එකක් නෙමේද? 🤔 


Google දිව්‍යාරාජයාට පින් සිද්ධ වෙන්න

 අපිට පුලුවන් ඕනිම දෙයක් බොහොම 

ලේසියෙන් ඉක්මනට හොයලා බලලා 

 ඉගෙන ගන්න. ඉතින් මාත් හොයලා බැලුවා 

මේ දෙක එකක් ද?දෙකක් ද? කියලා.  


අධ්‍යාපනයයි ඉගෙනගැනීමයි කියන්නෙ 

ඇත්තටම සංකල්ප දෙයක්, අධ්‍යාපනය

 ඇතුලෙ ඉගෙන ගැනීම තියෙනවා, 

ඒත් ඉගෙන ගැනීම කියන එකේ පරාසය 

ගොඩක් ලොකුයි… 


ඉගෙන ගැනීම කියන්නෙ දැනුම, කුසලතා,

 ආකල්ප, චර්යාරටා, අදහස්, සංකල්ප 

නිර්මාණය/ ගොඩනගා ගන්න ක්‍රියාවලිය.  


අපි අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදලා, 

ඉපදුනු වෙලාවෙ ඉදලා ඉගෙන ගන්නවා.

 ඊට පස්සෙ අනුකරනය කරන්න ඉගෙන

 ගන්නවා, කතා කරන්න එහෙමත්.. 


තව අපි ආස දේවල් කරන්න, බයිසිකල්

 පදින්න, සිංදු කියන්න, උයන්න පිහන්න

 වගේ හැමදේම අපි ඉගෙන ගන්නව නෙහ්.


ඊට අමතරව අපිට ඉගෙන ගන්න ඕනි තරම්

 ක්‍රම තියෙනවා. 

උදා:- පොත්, පත්තර කියවලා, වීඩියෝ / 

චිත්‍රපට බලල, අත්දැකීම් වලින්, දේවල් 

ප්‍රයෝගිකව කරල බලල (trial and error),

 දන්න අයගෙන් අහල බලල.

 

සරලවම කීවොත් අපි කරන කියන හැමදේම

 මොකක් හරි විදියකට අපි ඉගෙන ගත්තු දේවල්

 ටිකක්... 

 

 


එතකොට දැන් මේ අධ්‍යාපනයෙයි ඉගෙන

ගැනීම කියන එකෙයි වෙනස්කම් මොනවද? 


අධ්‍යාපනය කීවම විෂය නිර්දේශයක්

 තියෙනවා, ඒක ශිෂ්‍යාට දෙන එක තමයි

 මූලික වෙන්නෙ. 


ඒකියන්නෙ පොඩි content / information

 delivery system එකක්. අපි නිකම්

 delivery service එකකින් තව 

කෙනෙක්ට භාණ්ඩයක් යවනවා වගේ 

ක්‍රියාවලියක්…  

ගුරුවරයා අදාල විෂය නිර්දේශය කියන 

එක ලමයට දෙන්නයි තියෙන්නෙ. 

හරි සරලයි.  


හැබැයි ඉගෙන ගැනීම ඊට වඩා ටිකක් 

වෙනස්. මෙතනදි ප්‍රධාන වශයෙන්  

ශිෂ්‍යයා හෝ ඉගෙන ගන්න කෙනා(learner) 

තමයි මූලික කෙනා වෙන්නෙ.  


මෙන්න මේ comparison දෙක බැලුවම 

වඩාත් හොඳින් තේරුම් ගන්න පුලුවන් වෙයි👇



  1. අධ්‍යාපනයෙදි ගුරුවරයා ක්‍රියාකාරී වෙනවා;

     ඉගෙනීමෙදි ශිෂ්‍යයා ක්‍රියාකාරී වෙනවා.

  2. අධ්‍යාපනය විෂයනිර්දේශය මත පදනම් වෙනවා; 

    ඉගෙනීම කුතුහලය, නව දැනුම ලබා ගැනීමට 

    තියෙන ආශාව මත පදනම් වෙනවා 

  3.  අධ්‍යාපනය ලබන්න අපි කැමති/ අභිප්‍රේරණය 

    වෙන්නෙ අපිට ලැබෙන බාහිර ප්‍රයෝජනයක් හෝ 

    ප්‍රතිලාභක් නිසා ( හොඳ රැකියාවක් ලබා ගැනීම). ; 

    ඉගෙන ගැනීමේදී ඉගෙන ගන්න කෙනාගෙ 

    කැමැත්තෙන්මයි ඉගෙන ගන්නෙ.

  4. අධ්‍යාපනයෙදි අනිවාරෙන් ගුරුවරයෙක් ඉන්නවා; 

    ඉගෙන ගන්නකොට ගුරුවරයෙක් අවශ්‍යම නැහැ

  5.  අධ්‍යාපනය කියන්නෙ පද්ධතියක්( system එකක්); 

    ඉගෙන ගැනීම කියන්නෙ ක්‍රියාවලියක් (process එකක්) 

  6. අධ්‍යාපනය සාමාන්‍යෙන් නිශ්චිත වයසකින් පස්සෙ 

    ඉවර කරනවා හැබැයි ඉගෙන ගන්න එක අපි 

    ඉපදුනු වෙලේ ඉදලා මැරෙනකල්ම කරන දෙයක්.. 



ඊලගට අපි බලන්නෙ අධ්‍යාපනය ලබන්න

 හෝ ඉගෙන ගන්න එක 

ඇයි වැදගත් වෙන්නෙ කියලා…. 




Photo credit: Internet

පින්තූර අන්තර්ජාලයෙන්




Sunday 12 June 2022

මං සහ මඟ

මං නවීන්, මං ගැන සරලවම කීවොත්, මාත් මං ගැන හරියටම දන්නෙ නෑ තවම😝 

මේ කරන්නෙත් ඒ මනුස්සයව හරියටම හොයාගෙන යන ගමන තමයි ඉතින්.. ටික ටික එපැයි හොයාගන්න නැතුව එක පාරට කොහෙන් දැන ගන්නද නේද? 

 ඔයලා දන්නවා නම් MBTI personality types ගැන,  මං INFJ කෙනෙක්🧙‍♂

 

 INFJ ලා ලෝකෙ ඉන්න මනු සත්තු අතරෙ සාපේක්ෂව දුර්ලභ සත්ව විශේෂයක් ලු...😂😂😂

Your full body avatar

 ඒ ටික ඇති නේද දැනට මං ගැන. තව ඉතින් හිමීට ඉස්සරහට දැන ගන්න අඳුරගන්න පුලුවන් වෙයි නෙහ්🤗

 

 

එතකොට "මඟ".....

 මඟ කියන්නෙ ඉතින් මගෙ මේ blog පොජ්ජට දමාපු නම් පොජ්ජ. මුන්නැහැ සෑහෙන්න හිතලා හිතලා දමාගත්තු නමක්ය කියල කියනවා නොවැ ඒක.  

 මොනවා උනත් ලොකු තේරුමක් තියෙන දේවල කරන්න ලොකු වුවමනාවක් තියෙනවාලු INFJ ලට (පොතේ හැටියට) 😂

ඉතින් ඒ නම් තැබීම උනත්, මේ blog පොජ්ජ උනත් එහෙම තේරුමක් ඇතුවයි කරන්න යන්නෙ කියල තමයි මගෙ හිත් පොජ්ජ නම් කියන්නෙ😁

 

කොහොම හරි ලියනවද නැද්ද කියල හිත හිත ඉදලා,, ඕනි මංගල්‍යයක් වෙන්න කියලා අද (12/06/2022) ඉදලා ලියන්න පටන් ගත්තා සුබ නැකතින්... (There is no such a better moment to start or to do something than Present moment[now] වර්තමාන, මේ මොහොත තමයි හොඳම නැකත😇🤓)

 

මං නවීන්, 🧙‍♂

 

 

 

 

 

 

 

මං සහ මඟ