Friday 9 September 2022

සරලවම කීවොත් ඉතා සංකීර්ණය




මූලික අවශ්‍යතා ඉටු කර


දිවි ඇති තෙක් තිබෙන කාලය


කෙසේ හෝ ගත කර 


බකන් නිලා සිටීමක් ද? 


ඔහේ බඩ උලා සිටීමක් ද? 




නොමැත කිසි අරුතක්


යා යුතුය දිගු ගමනක්


පවතින්නෙ එක මොහොතක්


මොහොත වල් (moments) වල ගෙතුමක්



දැන හෝ නොදැන


ඉදිරියට හෝ පසුපසට


වෙනත් ඕනෑම දෙසකට


කැමැත්තෙන් හෝ අකමැත්තෙන්


මැද මාවතක හෝ කුමක් හෝ අන්තයක


විටෙක තනිව ද, විටෙක අනෙකුන් සමඟ ද 


අප යා යුතුය, නොයා යුතුය. 




සරලව ම  කීවොත් ඉතා සංකීර්ණය

සිංහලෙන් නම් paradox එකකි





චිත්‍රය අන්තර්ජාලයෙනි.

[Contradiction 2019 - Carine Bonafe]





14 comments:

  1. සංකීර්ණ නැත්නම් වැඩකුත් නැහැ

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්.....

      තව ටිකක් කල්පනා කරන්න ඕනි

      Delete
    2. සංකීර්ණ නැත්නම් වැඩකුත් නැහැ// - අනේ මන්ද අජිත්. චිත්‍රයකුයි, කයියකුයි තියෙන නිසා කළාවේ එන එක වදනක් මතක් උනා.
      "සරලත්වය තුළ ගැඹුරත්, ගැඹුර තුළ සරලත්වයත්..."

      Delete
    3. නමී ඒක නිකම් අර tao වල තියෙන් ☯ මෙන්න මේ yinyan වගේම අදහසක් ද🤔

      Delete
    4. සංකේතය නම් අර වදනට ගැලපෙනවා. ඒත් සංකල්ප දෙකේ එකිනෙකට වෙනස් හා සමානකම් තියෙනව...

      Delete
    5. මොනවද වෙනස්කම්, සමානකම් ඉතින්😁🤔

      Delete
  2. තේරුම් ගන්න වලිකන තරමට දිවිය
    උත්තර යන හැඩයි ඈතට වැඩි වැඩිය
    එනමුත් මිඟිඳු සිරිතත් නරකම නැතිය
    පමණට කළ යුතුයි දිවි අවලෝකනය!

    ReplyDelete
    Replies
    1. ඕනැම දෙයක් කළ යුත්තේ පමණටය
      තේරුම් නොගෙන දිවිගෙවුමත් උගහටය
      අපි බැස ඇත්තෙ නොසන්සිදෙන සසරටය
      මේ ලොව සියලු දේ ශ්‍රී ධර්මෙට යටය.....

      Delete
  3. අනේ බාම්.. මේ theme එක වෙනස් කරලා අනික් අය වගේ එකක් දාහන් කෝ......

    ReplyDelete
    Replies
    1. මේ පෝන් කට්ටෙන් ඒක කොරන්ට අමාරු නොවැ. ටික දවසක් දෙන්නකො හොඳේ😁😁

      Delete
  4. මසුරං කයියක්.... නවීන්✍️🌹⭐🔥 (මේක පරිවර්තනයක්ද කියලත් හිතුන කාගෙ හරි කෙනෙක්ගෙ)

    ReplyDelete
  5. මසුරං කයියක්... නවීන්✍️⭐🔥 (වෙන ලේඛකයෙකුගෙගේ පරිවර්තනයක්ද කියලත් හිතුන)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති නමී🤗💕🥰

      එක පාරක් කොලේක ලිව්වා, ඊට පස්සෙ මේකෙ දැම්මා.

      හිටිය මූඩ් එක අනුව ලියවෙන ඒවා තමයි😂

      Delete

මං සහ මඟ