Showing posts with label මගේ කවි සිත්තම්. Show all posts
Showing posts with label මගේ කවි සිත්තම්. Show all posts

Friday 9 September 2022

සරලවම කීවොත් ඉතා සංකීර්ණය




මූලික අවශ්‍යතා ඉටු කර


දිවි ඇති තෙක් තිබෙන කාලය


කෙසේ හෝ ගත කර 


බකන් නිලා සිටීමක් ද? 


ඔහේ බඩ උලා සිටීමක් ද? 




නොමැත කිසි අරුතක්


යා යුතුය දිගු ගමනක්


පවතින්නෙ එක මොහොතක්


මොහොත වල් (moments) වල ගෙතුමක්



දැන හෝ නොදැන


ඉදිරියට හෝ පසුපසට


වෙනත් ඕනෑම දෙසකට


කැමැත්තෙන් හෝ අකමැත්තෙන්


මැද මාවතක හෝ කුමක් හෝ අන්තයක


විටෙක තනිව ද, විටෙක අනෙකුන් සමඟ ද 


අප යා යුතුය, නොයා යුතුය. 




සරලව ම  කීවොත් ඉතා සංකීර්ණය

සිංහලෙන් නම් paradox එකකි





චිත්‍රය අන්තර්ජාලයෙනි.

[Contradiction 2019 - Carine Bonafe]





මං සහ මඟ