Monday 31 October 2022

Social media සහ අපේ ජීවිතේ....

හුඟ කාලෙකට පස්සෙ ආයෙ ලියන්න කියලා 

හිතුනා. මේ දවස් වල කරන්නේ ගොඩක් යූබටේ 

වීඩියෝ බලන එක

 (යූබටේ වචනය බස්සාගෙන් උස්සන ලදි.) 


ලියන්න පටන් ගන්න හේතු 2 මූලික උනා.

 පලවෙනි එක තමයි යූබටේ බලපු වීඩියෝ වල 

හිටපු Seth Godin කියලා ඇමරිකානු මහත්මයෙක්ගෙ 

දේශන වගයක්. දෙවෙනි එක තමයි ඩ්‍රැකී කමෙන්ට්

 එකක කියලා තිබුනා පොඩි ඩ්‍රැකී කතන්දර උනත් 

දැන ගන්නෙ යූබටෙන් කියලා…  


ඉතින් ලියන්න මාර දේවල් ගොඩක් තියෙනවා 

කොතනින් පටන් ගන්නද කියලා කල්පනා කරෙ. 

නිදි මාමා කීවා නෙහ් storyboard ගැන. යූබටෙන්ම 

බැලුවා ඒක ගැනත්.. එච්චර හරිගියෙ නෑ.



 සමාජ මාධ්‍ය කියන්නෙ අපේ මූලික මිනිස් අවශ්‍යතාවක්

 වන මානව සම්බන්ධතා පවත්වා ගන්න උදව් වෙන

 උපකරණයක් කියලයි මට හිතෙන්නෙ. 

ඒ කියන්නෙ සමාජය කියන එකත් එක්ක ගනුදෙනු 

කරන්නෙ සමාජ මාධ්‍ය හරහා. 


එතකොට මගෙ සමාජ ජාල ජීවිතෙත් දැන් වෙනකොට

 අවුරුදු 5ක් විතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවම. 

2016 මං 9 වසරෙදි විතර (මට මතක විදියට) google 

ආයතනයේ සමාජ ජාලයක් වුණ Google plus එහෙම 

නැත්නම් g+ හරහා සමාජය ජාලයට අත්පොත් තිබ්බ. 


ඒකෙන් කොහොමහරි සිංහල ජාතිවාදෙ පතුරපු

 සෙට් එකක් තමයි මුලින්ම හම්බුනේ… ඉතින් හරි 

ඊට පස්සෙ සෑහෙන කාලයක් ජාතිවාදියෙක්😂😂😂


2017.04.01 මෝඩයන්ගේ දවසෙදි facebook එකට

 එකතු වෙලත් කරේ එකම දෙයයි…

ජාතිවාදෙ😂


ඔහොම අවුරුද්දක් යන්න ඇති, එක දවසක් කවුරු

 හරි කීව මල්ලි මෙහෙමයි ඔයාව ආරක්ෂක 

අමාත්‍යාංශයේ කෙනෙක් හොයනවා කියලා,

 ජාතිවාදෙ ගැන පෝස්ට් දාන නිසා😂

 


එදායින් පස්සෙ ජාතිවාදෙ ලෙඩේ හොඳ උනා.


ඊට පස්සෙ කරන්න දේකුත් එපැයි කොහොමින් 

කොහොමින් හරි g+ එකෙන් පොඩි පොඩි කෙටිකතා, 

නවකතා එහෙන කියවන්න හම්බුනා… 

ඒකත් හොඳටම අල්ලලා ගියා


ඉතින් ජාතිවාදෙ ඉවර උනාට පස්සෙ g+ එකෙයි, 

fb එකෙයි ගොඩක් කතා කියෙව්වා. 


2018 ඕ ලෙවල් ඉවර උනාට පස්සෙ නම් කරපු 

එකම දේ pdf නවකතා කියෙව්වා සෑහෙන්න. 

රමණි බුලත්සිංහල, එඩ්වඩ් මල්ලවආරච්චි, 

ගයානා s ලක්මාලි, යෞවන සමීන්ද්‍ර, වගේ

ගොඩක් අයගෙ ප්‍රේම කතා.


ඒකත් එපා උනා.. ඒවා ඇත්ත ලෝකෙ වෙන්නෙ 

නැති නිසා. හෙන ගොං බොඳල කතා

 (සුජීව ප්‍රසන්නගෙ පොත් නම් වැඩියෙ කියෙව්වෙ නෑ😂)


අනිත් හේතුව තමයි ඇස්වලින් කදුලු එන්න ගත්තා 

ගොඩක් වෙලා එක දිගට screen එක දිහා 

බලාගෙන ඉදලම…. 


2019 විතරම google ආයතනය g+ එක නවත්තලා

 දැම්මා. ඊට පස්සෙ ඒකෙ හිටපු අය fb එකට ගියා. 

fb යන්න අකමැති අය mewe කියලා වෙන

 social media එකකට ගියා.

 මාත් ඒකට ගියා..ඒක එච්චරම සාර්ථක උනේ නෑ…


ඊට පස්සෙ ගොඩක් දුරට fb එක තමයි තිබුනෙ.

 ඊට අමතරව instagram එකට join වෙලා හිටියත්

 ඒක එච්චර හරි ගියෙ නෑ. බොරුවට show off කරන

 දේවල් වලට වගේ නම් ඒක හොඳයි….



ඔය අතරතුර චන්දිම ගෝමස් මහත්තයගෙ පොතක්

 හම්බුනා ධනවතෙකු වෙන්නෙ කොහොමද කියලා. 

ඒක මරු පොත. ඉතින් කවුද මේ චන්දිම ගෝමස්

 කියලා හොයන කොට එයාගෙ blog එක හම්බුනා.

 ඒකෙ පරණ පෝස්ට් එහෙම කියවලා, කමෙන්ට්

 දාපු අයගේ blog වලට එහෙමත් ගිහින් එහෙට 

මෙහෙට කැරකිලා බැලුවා 


ඒ වැඩෙත් (blogs) මරු. මුලින්ම හම්බුන සින්ඩිය 

තමයි අඹ ගහ යට සින්ඩිය, ඒකත්  චන්දිම ගෝමස් 

මහත්මයගෙ blog එකේ කොනක අටවල තිබිලා 

තමා හම්බුනේ.  ඔන්න එතනින් පස්සෙ තමයි blog 

වලට ආවෙ. 

හුඟ කාලයක් කියෙව්වට පස්සෙ තට්ට මාම, 

සහ ඔයාලා හැමෝගෙම උනන්දු කිරීම් මත ලියන්නත් 

පටන් ගත්තා. 💖🔥🥰


ජීවිතේ සෑහෙන වෙනසක් උනා Telegram නිසා. 

පාස්කු ප්‍රහාරෙයි, කොරෝනයි නිසා ඉස්කෝල

 වහල තිබුන නිසා පන්ති එහෙම තිබුනෙ online. 

ඒකාලෙ කොහොමහරි telegram එකට යන්න 

හම්බුනා.


telegram එකේ අපි group හදාගෙන, අපිත් අපේ 

වැඩ ටික කරගන්න ගමන්,අනිත් ළමයිටත් ඉගෙන 

ගන්න support එකත් දුන්නා. 


ඊට අමතරව මනෝවිශ්ලේෂණය, දීප්ති, 

X කණ්ඩායම, සමබිම පක්ෂය ගැන දැන ගන්න

 පාර කැපුනෙත් telegram නිසා.

 ඒ පාරෙන්ම තමයි ගොඩක් films බලන්නත් 

යොමු උනේ, ඒකත් මාර වටිනවා.


ඒ වගේම අද වෙනකල්ම ජීවිතේට බලපාන

 ගොඩක් දේවල් telegram එක නිසා සිද්ධ වුනා. 


ඊළට clubhouse එක. ඒක ඇවිල්ලා voice chat 

කරන platform එකක්, invitation එකකින් විතරයි 

කාටහරි join වෙන්න පුලුවන්. 


cryptocurrency ගැන මොකක් හරි හොය හොය 

ඉන්නකොට තමයි clubhouse එකට යන්න පාර 

කැපුණෙ. 


ඒකත් මරු. ගොඩක් දේවල් ඉගෙන ගත්තා, දැන් 

කරන job කට්ට හම්බුනෙත් ඒකෙ

 කතා කර කර ඉන්නකොට… 


තවත් කිව යුතු වැදගත් සමාජ මාධ්‍ය 2ක් තියෙනවා. 

තව පොඩ්ඩෙන් අමතක වෙනවා. 

Linkedin කියන්නෙ වෘත්තිමය සමාජ ජාලයක්.

 ඒකෙන් පුලුවන් අපිට රස්සා එහෙම හොයාගන්න 

වගේ දේවල්


අනිත් වැදගත්ම එක. යූබටෙ (Youtube) මං මේ 

දවස් වල වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ ඒක. 

උඩදි කියපු Seth Godin කියන කෙනා ඇතුලු තව 

ගොඩක් අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 

යූබටේ ඉතින් මට නම් තනිකරම දැනුම් ගුහාවක්. 


තව ඉතින් ඕනි නම් tiktok සහ youtube 

එකේ වෙන බලන්න ඕනි තරම් දේවල් තියෙනවා. 

හැබැයි ගොඩක් ඇබ්බැහි වෙන සුලුයි.

 

ඉතින් සමාජ මාධ්‍ය තිබුණෙ නැත්නම් අපේ ජීවිත

 කොහොම තියේවිද කියලත් හිතාගන්න අමාරුයි. 

ඔහොම බැලුවම මිනිස්සු කියන අපි සමාජයෙන් 

කොටසක්, අපි සමාජයට බද්ධ වෙලා ඉන්නෙ. 

ඉතින් සමාජ මාධ්‍යත් ඒ විදියටම 

(එකිනෙකාට අඩු වැඩි වශයෙන්) 

අපේ ජීවිත වලට බද්ධ වෙලා. 

 

ඉතින් සමාජ මාධ්‍ය කියන්නෙ හොඳ හෝ නරක 

කියල අපිට කියන්න අමාරුයි. ඒකත් තුවක්කුව, 

පිහිය වගේම තවත් එක උපකරණයක් විතරයි. 

ඒක හරියට පාවිච්චි කරන එක අපේ වගකීම 

ඒ වගේම අපේ අනාගත පරපුරට කියලා දෙන එකත්

 අපේ වගකීමෙම කොටසක්. 


ඉතින් සමාජ මාධ්‍ය වල නරක පැත්ත ගැන කතා

 කරනකොට Netflix මඟින් ඉදිරිපත් වුන 

The social dilemma කියන documentary

  එක බොහොම වැදගත්.

ඒක බලන එක ඔයාලට homework එකක්🤗🤓 







24 comments:

  1. හැම දේකම හොඳ නරක දෙකම තියෙනවනෙ. හොඳ දේ තෝරගන්න එක ප්‍රේක්ෂකයා සතු වැඩක්.

    ReplyDelete
    Replies
    1. හුම්... ඔව්. මං පෂාතුමත් එක්ක එකඟයි.
      බෙහෙතක් උනත්... අවේලාවේ ගත්තම නරක ප්‍රතිඵල නෙව ඇති වෙන්නෙ

      Delete
    2. කොහොමද නයෝ යම් කිසි දෙයක් හොඳයි හරි නරකයි හරි කියල ලේබල් කරන්නෙ? මොනවද පිරිවිතර?

      Delete
    3. ඒකනෙහ් හැමෝම එක්ක එකඟයි🤗😁

      Delete
    4. @ ඩ්‍රැකී, අපිටයි අනිත් අයටයි නරකක් වෙන්නෙ නැත්නම් හොඳයි කියලා ගන්න පුලුවන් නේද🤔

      Delete
    5. @ඩ්‍රැකී, උඹ னයිංව නරකයි කියල හිතන විදියට තමයි. හැක්..

      Delete
  2. හෑ...ව්! අනේ බොගෙ හෝම්වර්ක්! තියාගං!

    ReplyDelete
    Replies
    1. ආ එහෙම කියල හරියන්නෙ නෑ...

      ආයෙ එනකොට homework කරල තියෙන්න ඕනි...

      Delete
  3. සමාජ මාධ්‍යවල තියෙන එකම අවුල තමයි "තොරතුරු මෙනවිය" හෙවත් missinformation. ඒ ඇර වෙන නං කිසි අවුලක් නෑ.

    ReplyDelete
  4. කෝ බොලේ මං මේකට දාන කමෙන්ට්? නවිය ගිලිනවද?

    ReplyDelete
    Replies
    1. දවසෙම වහිනව ඩ්‍රැකියෝ මෙහෙට
      කොමෙන්ට් අහුවෙලා වාගෙයි දියට
      යන්නට කලියෙන් පාවී දුරට
      ගෙනැවිත් එබුවා ආයෙත් මෙහෙට.....

      Delete
  5. නාලක ගුණවර්ධන මහතාගේ අදහස නම් Facebook, Youtube වගේ නම් වෙළඳ නාම වන නිසා සිංහලට පරිවර්තනය කිරීම නොකළ යුතුයි කියලයි. හැබැයි උපහාසයටත් හාස්‍යට දනවන්නත් එහෙම කිරීමේ වරදකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. Litseeker,
      ඒක මාර අදහසක් නෙහ්🤔

      වෙලඳ නාමයක් කියල ඉතින් සිංහලය හැරෙව්වා කියලා මොකක්ද කියල තේරුම් ගන්න අමාරුයි 🤔

      Delete
  6. තමන් දැනගෙන වෙලාව හදාගෙන තම අවශ්‍යතා වලට හරියන්න විතරක් භාවිතා කරනවනම් සමාජ ජාල වල වරදක් නැහැ. ඇබ්බැහි වීම වෙනකොට තම අවුල් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අපේ පාලනයෙ නෑ නෙ. මොකකද social media හදල තියෙන්නෙ අපේ මොලේ reward system එකත් එක්ක.

      ඒක ගැන දැනුම්ක් නැති අය සහ කොච්චර කීවත් අපි හැමෝම ඒක අහු වෙනවා🤔

      Delete
  7. නවියෝ ඔබ කියන ගොඩ දේ මම අසා නැත
    ඒවා සොයා යන්නට මට වෙලා නැත
    කොච්චර දේ ඇතත් ලෝකේ පලක් නැත
    පමණට ගතොත් හොඳ දේවල් සැදෙයි සෙත!

    ReplyDelete
    Replies
    1. හොඳ දේවල්
      හරි පමණට
      හරි වෙලාවට
      කොහොමද හොයාගන්නෙ🤔

      Delete
  8. ඇත්තෙන්ම හොඳ නරක තෝරාගන්න ඉතින් අපි දැනගන්න ඕනේ....හා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මුලින්ම මගේ blog එකට සාදරයෙන් පිලිගන්නෝ වාසනා ඔයාව😚🤗

      🍰 කෑල්ලක් එහෙම කාලා ☕ කෝප්පයක් බීලා ඉමු 😉

      Delete
    2. ඔතන ගොඩක්ම තියෙන්නෙ නොදැනුම පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. "දැනුමයි ක්‍රියාවයි අතර තියෙන පරතරයයි" ලොකුම ප්‍රශ්නෙ මට නම් තේරෙන විදියට....

      ඒක ගැන මොකක්ද අදහස..

      අනිත් එක හොඳ නරක කියන එක සාපේක්ෂයි. ඒ වගේම එක කාලෙක හොඳයි කියල හිතෙන දෙයක් පස්සෙ කාලෙක නරකයි වෙන්න පුලුවන්... ඉතින් එහෙම දේවල් එක්ක කොහොමද තෝරාගැනීම් කරන්නෙ අපි

      Delete
    3. මිනිස් සතාට ලොකු මොළයක් හම්බ වෙලා තියෙන්නේ මෙහෙම තැන්වලදී වැඩ ගන්න.

      Delete
    4. ඒත් ප්‍රශ්නෙ නිදි මාමෙ. සාමාන්‍යෙන් අපි මනුස්සයො විදියට ජීවත් වෙනකොට අපි කරන දේ වලින් බහුතරක් කරන්නෙ එච්චර හිතලා බලලා නෙවෙයි. අවිඥානිකව....


      හිතලා බලලා, මොලේ කල්පනා කරලා, දාර්ශනිකව වැඩ කරා නම් ලෝකේ, අපේ ජීවිත මීට වඩා සිය දහස් ගුණයකින් හොඳ තත්වයක තියෙන්න ඕනි🙄

      Delete
    5. නවීන්ගේ උත්තරේ අස්සෙම තියෙනවා නේද වැරැද්ද කොතනද කියලා.

      Delete

මං සහ මඟ