Saturday 19 November 2022

වැදගත් දේවල් උගන්නන එපා….


 

අපි අපේ අධ්‍යාපන ක්‍රමට විරුද්ධව 

ගේන තර්කයක් තමයි වැදගත් දේවල්

 ඉස්කෝලෙන් උගන්නෙ නෑ කියලා. 


ඒක බොරුවක් කියන අය ඉන්නවද? 


මටත් හිතෙන විදියට ඒක ඇත්ත. 


හැබැයි මට තේරෙන විදියට මිනිස්සු

 තමන්ගෙ මොකක් හරි අසාර්ථකත්වයක,

 වැරදීමක වගකීම (responsibility) තමන්ට

 නොගෙන ඒක බාහිර කෙනෙකුට දාන්න

 හදන බොළඳ උත්සාහයක් කියලා. 


මොකද ඔය time management, 

financial literacy, mental wellbeing වගේ

ජීවිතේට වැදගත්ම දේවල් (life skills)

මොනයම් හෝ විදියකින් ඉස්කෝලෙන්

 ඉගැන්නුවත් අපි ඇත්තම 

ඉගෙන ගන්න එකක් නෑ… 

දෙයක් ඇත්තටම ඉගෙන ගන්න ඕනි 

කෙනා කොහොම හරි ඉගෙන ගන්නවා. 

 


අනිත් එක අපි දෙයක් තමන්ම ඉගෙන 

ගන්නව නම් ඒක ගොඩක් හොඳට 

අවබෝධ වෙනවා… 

වෙන කෙනෙක් කොච්චර වැදගත් දෙයක් 

උනත් අපිට උගන්නන්න හැදුවොත්

 අපිටම එපා වෙන්න පුලුවන්….

 


ඉතින් මගේ අදහස ජිවිතේට වැදගත් වෙන

 කිසිම දෙයක් ඉස්කෝලෙන් උගන්න

 එපා කියලා. එතකොට ඒවා ඇත්තටම ඕනි

 අය විතරක් හොයලා බලලා ඉගෙන ගනීවි. 

නැත්නම් ජීවිතේ ජීවත් වෙනකොට ඉගෙන ගනීවි….


ඔයාලා මොකද හිතන්නෙ ඒක ගැන🤔



4 comments:

  1. මුලින්ම අධ්‍යාපනය, ධයාපනය ආදී ඕන නමකින් හඳුන්වන මේ ක්‍රමය හැදුනෙ ඇයි කියල බලමු.... සරලව.

    නවලෝකෙට කලඑළි බහින යට අත්වැල සපයන්න තමයි එය යොදාගන්නෙ.
    ඉතින් එකේ වැරද්දක් තියෙනවද. නෑ නෙ. අපේ තනි උත්සාහයෙන් හෝ ස්වයං අධ්‍යනයෙන් විතරක්ම දේවල් තේරම් ගන්න, අවබෝධ කරගන්න අමාරුයි. ඒකට අරවගේ ක්‍රමවේද අවශ්‍යයි.... හරි ක්‍රමවේද.
    ක්‍රමවේද තිව්න හෝ නැතා ස්වයංව හෝ භාහිරව හෝ දෙයක් තේරුම් නොගන්න අය කොයි කාලෙත් ඉන්නවා. ඉතින් උදව්වක් වෙන දෙයක යහපත මිස, අයහපත මං දකින්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති නමී....

      ගොඩක් වැදගත් අදහසක්💕🤞

      Delete
  2. ස්වයං අධ්‍යයනය අපගේ අධ්‍යාපනයේ වැදගත් කාර්යභාරයක් ඉටුකළත් එයටත් පාර කැපෙන්නේ විධිමත් අධ්‍යාපනය හරහායි. අඳුරේ අතපත ගා මග සොයා ගැනීමට වැයවන කාලය නිසි මග පෙන්වීමක් හරහා ඉතිරිකර ගත හැකිය. එමෙන්ම එවන් මග පෙන්වීමක් ලැබ දිවිය සරු කරගත් අය බොහෝය.

    ReplyDelete

මං සහ මඟ