Showing posts with label system changing. Show all posts
Showing posts with label system changing. Show all posts

Saturday 19 November 2022

වැදගත් දේවල් උගන්නන එපා….


 

අපි අපේ අධ්‍යාපන ක්‍රමට විරුද්ධව 

ගේන තර්කයක් තමයි වැදගත් දේවල්

 ඉස්කෝලෙන් උගන්නෙ නෑ කියලා. 


ඒක බොරුවක් කියන අය ඉන්නවද? 


මටත් හිතෙන විදියට ඒක ඇත්ත. 


හැබැයි මට තේරෙන විදියට මිනිස්සු

 තමන්ගෙ මොකක් හරි අසාර්ථකත්වයක,

 වැරදීමක වගකීම (responsibility) තමන්ට

 නොගෙන ඒක බාහිර කෙනෙකුට දාන්න

 හදන බොළඳ උත්සාහයක් කියලා. 


මොකද ඔය time management, 

financial literacy, mental wellbeing වගේ

ජීවිතේට වැදගත්ම දේවල් (life skills)

මොනයම් හෝ විදියකින් ඉස්කෝලෙන්

 ඉගැන්නුවත් අපි ඇත්තම 

ඉගෙන ගන්න එකක් නෑ… 

දෙයක් ඇත්තටම ඉගෙන ගන්න ඕනි 

කෙනා කොහොම හරි ඉගෙන ගන්නවා. 

 


අනිත් එක අපි දෙයක් තමන්ම ඉගෙන 

ගන්නව නම් ඒක ගොඩක් හොඳට 

අවබෝධ වෙනවා… 

වෙන කෙනෙක් කොච්චර වැදගත් දෙයක් 

උනත් අපිට උගන්නන්න හැදුවොත්

 අපිටම එපා වෙන්න පුලුවන්….

 


ඉතින් මගේ අදහස ජිවිතේට වැදගත් වෙන

 කිසිම දෙයක් ඉස්කෝලෙන් උගන්න

 එපා කියලා. එතකොට ඒවා ඇත්තටම ඕනි

 අය විතරක් හොයලා බලලා ඉගෙන ගනීවි. 

නැත්නම් ජීවිතේ ජීවත් වෙනකොට ඉගෙන ගනීවි….


ඔයාලා මොකද හිතන්නෙ ඒක ගැන🤔



Thursday 16 June 2022

අපි නොදන්න system change😂

 

🙋🏻‍♂මචන් අද මාර සීන් එකක් 

නෙහ් බන් මට වුනෙ🤐


🙋🏽‍♂ඇයි මොකද උනේ බන්🤔


🙋🏻‍♂අද bio clz එකේ පද්ධති 

ගැන උගන්න ගත්තා බන් 


🙋🏽‍♂ඉතින් මොකද උනේ කියපන්


🙋🏻‍♂සර් ඇහුවා දැනට ලෝකේ 

තියෙන හොඳම පද්ධතිය එහෙම

නැත්නම් සිංහලෙන් කීවොත් හොඳම 

system එක මොකක්ද කියලා, 

කවුරුත්ම  දන්නෙ නෑ බන් 

උත්තරයක්😥


🙋🏽‍♂සිරාවටම මම දන්නෙත් නෑනෙහ්, 

සර් උත්තරේ කිව්වෙ නැද්ද බන් ඉතින්


🙋🏻‍♂කිව්ව කිව්වා


🙋🏽‍♂ඉතින් මොකක්ද හොඳම 

system එක?


🙋🏻‍♂හොඳම system එක අපේ body

 එකලු. ඒක තරම් සංකීර්න එකක්

 නෑ ලු. හැබැයි ඒක නෙමේ 

බන් ප්‍රශ්නෙ😒


🙋🏽‍♂එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ?


🙋🏻‍♂සර් ඇහුවා "හරි එහෙනම් උබලා 

මොනවද දන්නෙ කියලා system

 ගැන?" මම ඉතින් පණ්ඩිතයා 

වගේ නැගිටලා කිව්වා 

"අපි සර් system change එකක් 

කරන්නයි යන්නෙ ලංකාවෙ කියලා" 


🙋🏽‍♂උබ කිව්වෙ මේ අපේ galleface 

අරගලය ගැන ද?

ඉතින් සර් මොකද කිව්වෙ?

(අපේ galleface අරගලේ.)




🙋🏻‍♂"අනේ #පුතේ උබ දන්නවද system

 එකක් කියන්නෙ මොකක්ද? 

system එකක මූලිකම දේවල් 

මොනවද? system change එකක් 

කරනවා නම් හරියටම 

මොනවද වෙනස් කරන්න ඕනි 

කියලා? "

ඔන්න ඔහොම ප්‍රශ්න හෙන 

තොගයක් ඇහුවා. මට කට උත්තර

 නැතුව ගියා බන්.


🙋🏽‍♂අඩේ මම දන්නෙත් නෑ නෙහ්...😑


🙋🏻‍♂අපි මේක නම් කොහොමහරි 

හොයාගන්න ඕනි බන්. මං 

බලන්නම්කො දන්න අයගෙන් අහලා.

________________________________________________________



ඉතින් කසුන්ට දැන් මේක ප්‍රශ්න ටිකට 

උත්තර හොයා ගන්න කල් ඉවසීමක් 

නැති උනා. හේතුව තමයි කසුන්ට 

මාර උනන්දුවක් තියෙනවා ලංකාව 

කොහොම හරි හොඳ තැනකට ගේන්න 

පුලුවන් නම් ඒකට එයාගේ 

දායකත්වයත් දෙන්න . අර නිකම් 

එදා දසුන් නිසා දිනපු මැච් එක බලපු 

පොඩි පිරිමි ළමයා  cricket වලට 

ආදරේ කරනවා වගේ. 

(cricket වලට ආදරේ කරන අය

 හැමෝම එහෙමයි නෙහ්) 

ඉතින් කසුන් මේ ගැන හොයන්න

 පටන් ගත්තා. 

අපි කසුන්ගෙන් ම කතාව අහලා ඉමු.



"

මං ගොඩක් අයගෙන් ඇහුවා මේක ගැන. 

හැබැයි ඒ කවුරුත් දැනගෙන හිටියෙ

 නෑ. "

 

 ඔහොම හොයන් යනකොට මට 

කණා chance එකකට හම්බුනා 

lebanon වල IT field එකේ ඉන්න  

කෙනෙක් එක්ක කතා කරන්න.

ඒ මනුස්සයා මාර කතා ටිකක් කීවෙ.

 

lebanon කියන්නෙත් දැන් ලංකාවට  

සාපේක්ෂව system එක පට්ට විදියට

 සමාන රටක් ලු. ඒකියන්නෙ සිවිල්

 යුද්ධ, දේශපාලකයන් දූෂිත වීම, 

සංචාරක කර්මාන්තය හා විදේශ 

ප්‍රේෂන(inward remittance ) මත 

යැපෙන ආර්ථිකයක් තමයි තිබිලා

 තියෙන්නෙ... ඒවා ගැන පස්සෙ 

කියන්නම් නැත්නම් google එකෙන් 

හොයාගන්නත් පුලුවන්.  


කොහොම හරි එහේ රටේ කට්ටියත් 

අරගල කරන්න පටන් ගත්තලු. 

මේ අපේ රටේ වගේම, ඊට පස්සෙ 

රැල්ලට යන සෙට් එකක් ඉන්නවා 

නෙහ් ඕනිම රටක; අන්න ඒ සෙට් එකත්  

එකතු උනාලු. හැබැයි අවුලකට 

තියෙන්නෙ දැන් අවුරුදු ගානක් තවම 

අරගල කරනවා ලු. තාම එයාලට ඕනි

 විදියෙ බබෙක් හබුනෙ නෑ ලු.


(ලෙබනන් අරගල)


මං ඇහුවා මොකක්ද බබා හම්බුන 

කතාව කියලා🤔


system change/reboot  කියන්නෙ අපි

 ලමයෙක් හදනවා වගේ වැඩක් ලු. 

මුලින් ම කරන්න ඕනි ඒවා දන්නවනෙ😂


ඒත් අපි හිතාගෙන කරන්නෙ අපිට  

පිරිමි ලමයෙක් ඕනි කියලලු, 

 

ඉතින් හැබැයි අම්ම තාත්තා බොරු

 කියන නිසා ගෑනු ලමයෙක්ලු හම්බුනේ😂 

දැන් ඉතින් මොනවා කරන්නද? 

හම්බුන බබා හදාගන්න එපැයි 

විසි කරන්නත් බෑ නෙ. හදාගන්න 

පුලුවන් උපරිම හොඳ විදියට හදන්න

 එකලු අම්මගෙයි තාත්තාගෙයි දැන්

 plan එක

ඊට අමතරව පිරිමි ලමයෙක් හම්බෙනකල් 

දිගටම කරන්නත් දෙන්න කතා උනා😁😁



මට බකස් ගාලා හිනා ගියා😂😂😂


dial එක අහනවා මගෙන් මොකද 

හිනා වෙන්නෙ කියලා.


මං කීවා ලංකාවේ අපිටත් මාර 

සීන් එක උනේ කියලා, 

අපිත් ගෝටා ව එලවන්නයි plan කරේ

 හැබැයි උනේ වෙන දෙයක් නෙහ් කියලා.


අන්න ඒකනෙහ් දැන් ඉතින් උබලට

 හම්බුන ලමය හදාගන්න වෙනවා 

අනිත් එක තව ලමයෙක් හදන එක 

ගැන අමතක කරන්නත් එපා කියලා 

ලෙබනන් කාරයා කිව්වා.


________________________________________________________



ලෙබන්න කෙනා කියපු විදියට මං 

මේක කියායාගෙන යන්නම් දිගටම.


හොඳම system එක කියන්නෙ අපේ 

body එක කියලා අහලා තියෙනවා 

නෙහ්. අපේ body එක ගත්තොත් 

ක සම්පූර්ණ system එකක්, 

ඒක ඇතුලෙ වෙන වෙනම 

දේවල් කරන subsystems ගොඩක්

 තියෙනවා. ඒකියන්නෙ ආහාර ජීර්ණ 

පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, 

ශ්වසන පද්ධතිය වගේ ඒවා.


ඒ ඔක්කොම ටික ලස්සනට

 පිලිවෙලට අපේ මොළය මූලික 

කරගත් ස්නායු පද්ධතිය විසින් 

මෙහෙයවනවා. coordinate කරනවා 

කියලා සිංහලෙන් කියන්නත් පුලුවන්. 


එතකොට අපේ body එකේ, එක එක 

system වලට අදාලව එක එක අවයව 

 තියෙනවා. මොලයෙන් පටන් ගත්තම

 කකුල් දෙක වෙනකල් තියෙන ඒවා 

ගැන දන්නව නෙහ් අපි. 


ඒවගේ ඒ අවයව  විතරක් තිබුනම ඇති ද? 

මදිනෙහ්. හැම system එකකම ලොකු

 process එකක් වෙනවා. 

ආහාර ජීර්ණ පද්ධතියෙන් අපි කන 

දේවල් ජීර්ණය කරලා ශක්තිය 

දෙනවා වගේ…..


★ඔන්න ඔය අවයව ටික සහ ඒ එක 

එක පද්ධති වල සිද්ද වෙන ක්‍රියාවලි

 ටික තමයි පද්ධතියක මූලික දේවල්. 


★ඒවගේම වැදගත්ම දේ තමයි system

 එකක් ඇතුලෙ තියෙන හැම subsystem

 එකකටම තමන්ට ආවේණික අරමුණක් 

තියෙනවා. ඒ අරමුණ ඉටු කර ගන්න 

තමයි ඒ එක එක system වැඩ 

කරන්නෙ.

ශ්වසන පද්ධතියට ඕනි අපිට පිරිසුදු

 වාතය ලබාගන්නත් අපිරිසිදු ඒවා 

පිට කරන්නත්. 


★ඒ වගේම හැම subsystem එකක්ම 

තව එකට interconnected. 

(අපි කන කෑම ටිකෙන් එක ශක්තිය,

 ගන්න හුස්ම ටික ඔක්කොම එකතු 

වෙන්නෙ රුධිරයට වගේ.)


මේක නිකම් company එකක 

department විදියට උනත් හිතන්න

 පුලුවන්. 

පාසලක නම් එක එක අංශ විදියට

 හිතන්නත් පුලුවන්.

ඉතින් අන්න එහෙම දේවල් 

තමයි system එකක් වෙන්නෙ 

මූලිකවම. 


ඉතින් රටකට උනත් ඔය ටිකම තමයි. 


රටක් සමස්තයක් විදියට ගත්තොත් 

ලොකු එක system එකක්. මේ පොඩි

 රට ඇතුලෙ උනත් කොච්චර 

ලොකු subsystems තියෙනවද?


__________________________________________________________________


ඉතින් රටකට ඕනි,

 අපේ මොලය ඇතුලු ස්නායු පද්ධතිය

 හෝ company එකක නම් directors 

ලා වගේ, මේ තමන්ගේම එක එක 

අරමුණු වලට දුවන subsystems 

ටික ලස්සනට පිලිවෙලට අවුලක් 

නොවී තියෙන්න යටිතල පහසුකම්

 වගේ අවශ්‍ය දේවල් සපයමින් ලොකූ 

coordination එකක් කරන්න පුලුවන්

 හොඳ සෙට් එකක්.


දැන් අපේ රටේ  ඒ coordination part 

එක/ brain එක/ director board එක

 සාපේක්ෂව අවුල් ගිහින් තියෙන්නෙ.

 ඊට අමතරව තව පොඩි අවුල් ගියපු 

subsystem කීපයකුත් තියෙනවා.

 


අන්න ඒ අවුල් ගියපු ඒවා ටිකට 


පැලැස්තර නොදා දිගුකාලීන තිරසාර 


විසඳුමක් තමයි අපි හොයාගන්න ඕනි. 



ඉතිරිය අපි හිමීට ඉස්සරහට කතා කරමු.

මං නවීන්

මං සහ මඟ