Showing posts with label Galleface අරගලය. Show all posts
Showing posts with label Galleface අරගලය. Show all posts

Sunday 26 June 2022

Galleface අපි ඇත්තටම සාර්ථකද?

 

ගෝල්ෆේස් එකේ ඉදලා උද්ඝෝෂණ කරා

 කියලා , කලු ඇන්දා කියලා, බෝඩ් 

එල්ලගෙන හිටියා කියලා 

අපිට තියෙන ඇත්ත ප්‍රශ්නෙ විසඳන්න 

පුලුවන් ද? තනිකර බයිලා විතරයි…


මිනිස්සු විදියට අපි මාර ආසයි රැල්ලට

 යන්න…. 

ඔයා නම් එහෙම නෙමේ නේද😂😏


මෙච්චර කාලයක් අරගලය නිසා සිද්ධ 

වුණ දේවල් සාධනීයයි. ඒක පිළිගන්න 

ඕනි. හැබැයි ඒක ප්‍රමාණවත් ද?

 අපි එතනින් ඉස්සරහට අරගලය 

අරගෙන යන්න ඕනි නේද ඇත්තටම?

 


රටේ ආණ්ඩුව පෙරලන එකට ඕනි, රටේ

ජනතාවගෙන් 5% හෝ ඊට වැඩි ප්‍රමාණයක්

 ඒ අරමුණ වෙනුවෙන් පාරට බහින එක; 

ලෝකේ එහෙම  තිබුණ අරගල වලින් 53% 

ක් දිනලත් තියෙනවා. 


හැබැයි ආණ්ඩුව මාරු උනා කියලා ප්‍රශ්න

 ටික එතනින් ඉවර වෙන්නෙ නෑ නේද?

ඒකයි අපි ඇසිය යුතු ප්‍රශ්නය. 

 (මොකද දැනට තියෙන තත්වය එක්ක 

 අලුතින් එන්නෙත් මේ හොරු කියන

 225න් කෙනෙක්ම තමයි )

 

දැනට රටේ  තියෙන ප්‍රශ්නෙ හැමෝම

 දන්නවනෙහ් 🤔🤔


රටේ ඩොලර් ආදායමට වඩා වියදයම 

වැඩී දැන් අවුරුදු 20 - 30 ඉදලා මෙච්චර

 කාලයක් ණය වලිනුන්, සංචාරක

 කර්මානෙතෙනුයි, රට ගියපු අය එවන

 සල්ලි වලිනුයි රෝල ගහගෙන හිටියා. 


ඒකට කෙලවුනාට පස්සෙ තමයි මේ 

 වටිනා අවස්ථාව අපිට ආවෙ.


මම දකින විදියට මේ සිද්ධිය කවද හරි 

වෙන්න තිබුන එකක් අපේ රටට.

( හේතු ඕනි නම් අහන්න.) 

2019 පාස්කු එකයි, කොවිඩ් එකයි නිසා

 මේක පොඩ්ඩක් ඉක්මන් උනා විතරයි. 


මේ වෙලාවෙ වැදගත්ම දේ දැන් අපිට 

මොනවද කරන්න පුලුවන් කියන එක 

නෙහ්.

 ඒක ගැනත් ඕනි තරම් කතා කරනව 

නෙහ්.

ලංකාවෙ කතා කරන්න ඕනි තරම් අය 

ඉන්නවා නෙහ් කොහොමත්.😂😂

(පොඩි අවුලකට තියෙන්නෙ බහුතරයක්ම

 කරන්න බැරි දේ ගැන විතරයි කතා කරන්නෙ😂😂)


හරි කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් 

කියමුකො බලන්න😏



දැනට කොහොමත් ඩොලර් හොයන්න 

ඕනි නෙහ්. මාසෙකට ඩොලර් බිලියන 2ක්

 ඕනි කියමුකො. 


දැන් ලංකාවෙ ඉන්න බැරි නිසා ගොඩක් 

අය රට යනවා. එතකොට කොහොමත් 

රටට ඩොලර් එන්න පටන් ගන්නවා. 

ලක්ෂ 10 මිනිස්සු රට ගිහින් මාසෙකට 

ඩොලර් 1000 ගානෙ එවනවා කියලා

හිතුවොත් ඩොලර් බිලියන එකක් 

හොයාගන්න පුලුවන්.


(දෙමව්පියො රට යන එකෙන් ලොකූ නරක

 බලපෑමක් ලමයිට එල්ල වෙනවා. ඒක

 දිගුකාලීනව සමාජයටත්. ඒ වගේම රටේ

 මිනිස්සු රට යන එක ආර්ථිකයටත්

 නරක විදියට බලපාන්න පුලුවන්;

ඒවා ගැනත් අවධානය යොමු 

කරන්නම ඕනි)


හැබැයි රටේ ණය ගෙවන්නත් ණය 

අරගෙන තියෙන ජාතියක් අපි, ඒවා 

ගෙවන්නත් දිගුකාලීන ඩොලර් 

උපයන මාර්ග නෑ නෙහ්.


ඔන්න ඕවා manage කරන්න තමයි,

 පිටරට වල ආණ්ඩු, පාර්ලිමේන්තු 

මහ බැංකු තියෙන්නෙ.


ලංකාවෙ මේ තියෙන ඔක්කොම ටික 

අවුල් නෙහ්. 


ව්‍යවස්ථා හරි වෙන ඒ වගේ මොකක් හරි 

මගුලකින් ඕක වෙනස් වෙනවා හැරෙන්න

 වෙනත් විදියකින් වෙනස් වෙන පාටක් 

පේන්නත් නෑ. 

උද්ඝෝෂණ, අරගල කරා කියලා ඒවා 

වෙනස් වෙනව නම් ඉතින්😂😂


[බිස්නස්කාරයෙක් (ගෞරවෙයෙන් 

කියනවා නම් ප්‍රබල ව්‍යාපාරික😂) වෙච්ච

 ධම්මික පෙරේරා ගැන පොඩී ධනාත්මක

 අදහසක් තියෙනවා මේ වෙලාවෙ. ඒක 

ගැනත් ඉස්සරහට හරියටම දැන ගන්න

 පුලුවන් වෙයි නෙහ්]




මේකේ තියෙන්නෙ රටක්, රාජ්‍යයක් 

අභාවයට, විනාශ වෙලා යනකොට

 පේන ලක්ෂණ. 


(ඒ වගේම අලුත් ආරම්භයක් ගන්න 

හොඳම වෙලාව.)


  • පොලී අනුපාත දැඩි ලෙස පහල 

    දැමීම. (2019 ඉදලා මෑතක් වෙනතුරුම 

    එහෙම තිබුනා)

  • සල්ලි අච්චු ගැසීම 

(රාජ්‍ය සේවකයන්ට පඩි 

ගෙවන්නෙ දැනටත් සල්ලි

 අච්වු ගහලා.)

  • මූල්‍ය අර්බුදය

(දැනට අපි ලොකූ උද්ධමනෙක

 ඉන්නෙ)

  • ආදායම් විෂමතා

( පොඩි මිනිස්සු බහුතරයක් 

කන්න නැතුව, තෙල් නැතුව 

ඉන්නකොට සුලුතරේකට ආතල්

 එකේ ඉන්න පුලුවන්. match

 බලන්න යන්න පුලුවන්. වෙන 

ඕනි තරම් ආතල් ගන්න පුලුවන්. 

ඒක වැරදී කියනවා නෙමේ.

 විෂමතා ඉස්සරට සාපේක්ෂව 

වැඩි වෙනවා කියන එක)

  • අභ්‍යන්තර ගැටුම් - මේ වෙනකොට 

    දවසකට ඝාතන කීයක් වෙනවද? 

    තෙල් පෝලිම් වල කොච්චර ප්‍රශ්නද, 

    දවසින් දවස ඕක වැඩි වෙලා,

     රටේ ලොකූ ප්‍රශ්නයක් වෙන්න තව 

    බොහොම සුලු කාලයයි ඕනි.)



ඔක්කොම හරි කියමුකො දැන් අපිට

 මොනවද කරන්න කියන්නෙ??


දැන් කරන්න කිසිම දෙයක් නෑ.

(ඉක්මන් විසඳුම් නෑ)


මේ වෙලාවේ ඕනිම දේ මිනිස්සුන්ගෙ 

ආවේග පාලනය කරන්න මොකක් හරි

 ලොකූ වැඩපිලිවෙලක් හදන්න, ඒක 

අංක එක.(හැමදෙනාම කරන්නෙ ඒක

 අවුස්සන එක😖)


තව මාස 3,4ක් යනකල්වත් මේක 

මෙහෙමමයි. වැඩි වෙනවා හැර 

 

ඒකට කිසිම දෙයක් කරන්න බෑ 

කාටවත්ම.



කරන ඕනිම දෙයක් දිගුකාලීන 

දේවල් විතරයි.!!



මෙකේ තියෙනවා රටක් ශක්තිමත් 

වෙන්න නම් තියෙන්න ඕනි මූලිකම 

සාධක 8ක්. 


ලංකාවට මේ කිසිම එකක් නෑ කියන 

එකයි මගෙ අදහස.


  1. අධ්‍යාපනය

දැන් කියවං එන්නකො සාක්ෂරතාව ගැන.

 කියන්නයි ලියන්නයි ඉගෙන ගන්න එක

 නෙමේ අධ්‍යාපනය කියන්නෙ හරි ද? 😂 

ඒකෙන් තියෙන්නෙ බොහොම 

පොඩි වැදගත්කමක්.


  1. තාක්ෂණය ( ලෝකෙත් එක්ක

     බලද්දි අපි ඉන්නෙ කොහෙද?😪)

  2. වෙළඳපොල තරඟකාරිත්වය

     ( අපේ රට පොඩී ආර්ථිකයක්)

  3. ආර්ථික නිමැවුම්/ නිෂ්පාදන

     ( අපි වැඩි හරියක් අත්‍යාවශ්‍ය 

    දේත් ආනයනය කරන රටක්.

  4. ලෝක වෙළදාම.

     ( ඒකටත් අපේ බලපෑම බොහොම 

    අඩුයි.)

  5. යුධ ශක්තිය( ඒක ගැන නම් මම

     දන්නෙ නෑ)

  6. හොඳ මූල්‍ය පද්ධතියක්

     (ලංකාවෙ එහෙම එකක් නෑ. පොඩි 

    මනුස්සයෙකුට බැංකු පද්ධතියෙන් 

    ලේසියෙන් ණයක් ගන්න බෑ)

  7. සංචිත/ ශක්තිමත් මුදල් ඒකකයක්

     ( දැන් ඉතින් එහෙම ඒවා නෑ 

    නෙහ් අපිට)


එතකොට දැන් මේ හැම එකක්ම

 වෙනස් කරන්න නම් රටක් වශයෙන්,

 ප්‍රතිපත්තිමය වෙනස්කම් මඟින් 

කරන්න ඕනි දේවල් තමයි තියෙන්නෙ. 



මේවා කරන්න කියලා ජනාධිපතිකමකුයි 

, ⅔ බලයකුත් දීලා කට්ටියව යැව්ව නෙහ්

 එක පාරක්…


ආයේ එතනින් ඔය ටික හදන්නත් 

තව කාලයක් බලන්න ඉන්න වෙයි.


ඊට අමතරව ගෝටා ගිහින්/ ඡන්දෙකින්

 හරි දැනට මූලිකව බලයට එන්න පුලුවන් අය ඉන්නෙ; 

සජිත්, පාඨලී, අනුර,ඩලස්, මෛත්‍රී,ධම්මික 

පෙරේරා නෙහ්.


  • සජිත් ගැන නම් කතා කරන්න ඕනි 

    නෑ නෙහ්😂


  • අනුර ගැන කීවොත් ගොඩ දෙනෙක්

     දැන් අනුර ගැන ධනාත්මක අදහස

     ඉන්නවා. රටේ විගණකාධිපතිගෙ 

    ජොබ් එක එහෙම එතුමා හොඳට 

    කරනවා. අනික වැදගත්ම දේ. 

අනුර ඔච්චර හොඳයි නම් ඇයි අර තිබුණු

 files වලට නඩු දැම්මෙ නැත්තෙ? 

මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන

 හිටියෙ?

 

(ප.ලි. අනුර කුමාරත් 26/06/2022 ආසන්න දිනකදි කියල තියෙනවා එයාලට ආණ්ඩුව දෙන්න මාස 6න් කරලා පෙන්නනම් කියලා. තව දුරටත් මෙයා ගැනත් අපිට  ධනාත්මක අදහසක් තියාගන්න බෑ. බලය ලබාගන්න කියන කතා. සජිත් වගේ බොරු කයිවාරු විතරයි වගේ.)


  • ධම්මික පෙරේරාගෙ වැඩ ගැන 

    බලගන්න පුලුවන් වෙයි නෙහ්


  • පාඨලී එන්න හිතාගෙන හිටියට 

    බලයක් ගන්න පුලුවන් පාටක් 

    පේන්නෙ නෑ.


  • මෛත්‍රී එ‍යි ද නැද්ද කියලා දන්නෙ නෑ. 

    ආවත් දිනයි කියලා හිතන්න අමාරුයි.


  • ඩලස් ගැන නම් දන්නෙ නෑ.


හැබැයි කවුරු ආවත් ප්‍රතිපත්ති 

වෙනසකට කියලා උන් කොමිටි දාගෙන, 

වාර්තා හදාගෙන කැබිනට් අනුමැති

 අරගෙන, ගැසට් ගහලා  ඔක්කොම 

කරනකොට කාලේ ගිහින් තියෙයි. 

එතකොට ඔක්කොම හරි😂


හරි දැන් එහෙනම් මොකක්ද කරන්න 

පුලුවන් කියන්නකො බලන්න මහ 

ලොකු පණ්ඩිතයා😂😏😏


✦ එක දෙයක් තියෙනවා😌 

ඒක තමයි අධ්‍යාපනය


හැබැයි මේ දැනට ලංකාවෙ අධ්‍යාපනය

 කියලා කරන විකාරෙ නම් නෙමේ.!!!


මොකක්ද කරන්න පුලුවන් කියලා

 ඊලගට කතා කරමු. ඔයාලගේ අදහසුත්

 කියා ගෙනම යන්ටෝ👋

 

 මං නවීන් 🧙‍♂

 




මං සහ මඟ