Monday 21 November 2022

ජීවිතේ ප්‍රශ්න පත්තරේ

 අපේ ජීවිතේ දළ වශයෙන් ප්‍රධාන කොටස් 3 කට බෙදා ගන්න පුලුවන්. 

1. රැකියාව / ජීවනෝපාය ආශ්‍රිත ජීවිතය

2. පෞද්ගලික ජීවිතය

3. සමාජ ජීවිතය  



 (මේ ජීවිත 3 මෙන්න මේකයි කියලා ඉරක් ගහලා වෙන් කරල දක්වන්න බැහැ 3ම එකිනෙකට සම්බන්ධයි. නමුත් අපිට වෙනස්කම් හඳුනා ගන්න පුලුවන්... 

ඒ ඒ අවස්ථා වලදි අපි හැසිරෙන විදිය, ඒ ඒ අවස්ථා වල අපිට ඕනි කරන දැනුම, කුසලතා වල වෙනස්කම් වගේ දේවල්)

 

ඉතින් අපේ ජීවිත කාලෙන් සැලකිය යුතු කාලයක් මේ එක එක කොටස් වල අපි ගත කරනව. 

 ඉතින් ඒ එක එක කාලය වඩාත් හොඳින් (අපේ දැනුමේ තරමට) ගත කරන්නයි හැමෝටම අවශ්‍ය වෙන්නෙ. 

ගොඩක් වෙලාවට මේ අවස්ථා 3ම සාර්ථක, යහපත් වෙන්නෙ නෑ හැමෝගෙම.. 

එක්කො පෞද්ගලික ජීවිතේ අවුල් වෙලා, එහෙම නැත්නම් රැකියාවෙ ප්‍රශ්න.. එහෙමත් නැත්නම් යාලුවො එහෙම කවුරුත් නෑ... ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න වලින් පිරුනු ජීවිතයක් තමයි ගොඩක් වෙලාවට ගොඩක් අයට ගත කරන්න වෙලා තියෙන්නෙ. 

ජීවිතේදී වැදගත් වෙන්නෙ ප්‍රශ්න නැති වෙන එක හෝ ප්‍රශ්න මඟ අරින එක නෙමෙයි.. ඒ ප්‍රශ්න වලට අපි කොහොමද මුහුණ දෙන්නෙ, ප්‍රතිචාර, ප්‍රතික්‍රියා දක්වන්නෙ කොහොමද කියන එකයි. 

එකම දේ උනත් විවිධ පුද්ගලයො වෙනස් වෙනස් ආකාර වලින් ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්න පුලුවන්..

 


 

 මෙන්න මේ ජීවිතේ  කියන ප්‍රශ්න පත්තරේ ට අපි උත්තර දෙන විදිය අනුව අපේ ජීවිතේ සාර්ථකද නැද්ද තෘප්තිමත් ද නැද්ද හොඳින් ගත කලා ද නැද්ද කියලා අපිටම  අදහසක් ගන්න පුලුවන්...

 ඉගෙන ගන්නවා කියන්නෙ මේ ජීවිතේ ප්‍රශ්න පත්තරේට මුහුණ දෙන්න පුරුදු පුහුණු වෙනවා කියන එක නේද? 


13 comments:

  1. Replies
    1. බොහොම ස්තුති නමී කමෙන්ට් එකටයි නිළ මාධ්‍ය සහකරු වශයෙන් දක්වන සහයෝගයටයි...😉🤗💕🤞

      Delete
  2. මේවා මේ විදිහටම වෙන් කරන්න පුළුවන්ද? සමාජ ජීව්තයත් රැකියා/ජීවනෝපාය ආශ්‍රිත ජීව්තයත් වෙන්වන රේඛාව කොතැනද?

    ReplyDelete
    Replies
    1. ඔව් litseeker ඔයා හරි මේ කිසිම දෙයක් හරියටම මෙන්න මේකයි කියලා ඉරක් ගහලා වෙන් කරලා පෙන්නන්න බෑ..

      ඔක්කොම එකෙනෙකට සම්බන්ධයි...

      නමුත් අපිට දළ වශයෙන් වෙන් කරලා හඳුනාගන්න පුලුවන් නේද?

      Delete
    2. පෝස්ට් එකත් ටිකක් වෙනස් කරා. බොහොම ස්තුති litseeker 💕🤞

      Delete
  3. //ඉගෙන ගන්නවා කියන්නෙ මේ ජීවිතේ ප්‍රශ්න පත්තරේට මුහුණ දෙන්න පුරුදු පුහුණු වෙනවා කියන එක නේද?//

    ඉගෙන ගනිමු අපි ජීවිත තියෙන තුරා
    ප්‍රශ්නත් එයි අපෙ පණ නල තියෙන තුරා
    උත්තර හොයා වලි කද්දී නැහෙන තුරා
    කාලය ඉගිල්ලෙනවා ඉදිරියම කරා

    ReplyDelete
    Replies
    1. කාලය ඉගිල්ලී යනවා ඉදිරියට
      නොදැනිම ළං වෙන්නෙ අපගේ මරණයට
      සොයමින් අපේ ජීවිතයේ සැප සතුට
      ලැබේවා තෘප්තිමත් දිවියක් අප සැමට 🤞💕🤗

      Delete
  4. නවී post එක හොඳා... උඹ මේක උඩින් පල්ලෙන් ගහල වගේ. තව ටිකක් විස්තර ඇතුව ලියහන්කෝ. අර බෙදා වෙන්කල කොටස් තුන සරලව විස්තර කරන්න හෙම තිව්න.
    බොහෝ සාර්ථකයි කියල අපි හඳුනගන්න... තරුවල, පෞද්ගලික ජීවිතේ එතරම් සාර්ථක නෑ. වැඩි තැනක් වෘත්තියට/ක්ෂේත්‍රයට/සමාජ ප්‍රතිරූපයට දෙන හින්ද. ඔය හැම පැත්තම ශේප් එකේ බැලන්ස් කරන්න දස්ස කෙනා... ලස්සන ජීවිතයක් ගත කරනවා.

    ReplyDelete
    Replies
    1. එච්චර පැහැදිලි කරන්න ඕනි වෙයි හිතුවෙ නෑ...
      ඉස්සරහට එහෙම ලියමු නමී.. ඔයාලගෙ උපදෙස් වටිනව💕🤗

      Delete
  5. Replies
    1. සාදරයෙන් පිලිගන්නව දනුක අයියෙ මේ පැත්තට 🤗💕

      හත් අට පොලකින් වාඩි වෙන්න..

      🍰කෑල්ලක් එහෙම කාලා ☕ කෝප්පයක් බීලා ඉමු..😁😁

      Delete

මං සහ මඟ