Thursday, 29 May 2025

හීන හත හමාරක්

 ඉතිම් හැමෝම වාලම්පුරි නැරඹීමෙන් 

ඉතාමත් ආනන්දනීය, වින්දනාත්මක මොහොතක 

ඉන්නකොට මට ආව එකම එක ප්‍රශ්නයයි. 


ලකා කියන විදියට political critique එකක් කරන්න

 film එක කරා කීවෙ(කූඹියෝ වගේ). 

එතකොට මේ හීන හත හමාරක් කියන Tagline එකට

තේරුමක් තියෙනවා කියලා එහෙමත් කීවා. 




ඉතින් අපේ ප්‍රේක්ෂක ජනතාව ඒ කොටස ගැන 

හාංකවිසියක්වත් නොදන්නා සෙයක් පෙනී යයි.

 

ඔයාගෙ අදහස මොකක්ද?

Friday, 20 December 2024

Magic 💖

 


Shall we

Shall we create magic

Somewhere far from logic


Emptying older shelves

Discovering innerselves

Embracing ourselves


Caring attention

Showing affection

Sparkling connection


Shall we

Shall we make us bold

Throwing away the cold

Show the warmth you hoard


Moon has your face

Nature has your grace

Safest your embrace

Take me to the space

You are the happy place


Shall we

Create magic

Shall we make us bold

Amazing and fantasic

Shall we.....?



Saturday, 20 July 2024

Invasive

 

A species
significantly different 

as they think

by Cognitive Capabilities

compared to others

based on own measure sticks

to ecosystem

just another one

but  invasive

Friday, 12 July 2024

An Emergent Property

 

Your presence

My perceptions

An Emergent property

My Love



Perception of Love

Dissolve all the pains

Greatest Pleasure 

Symphony of your heart

 

 


 

Sunday, 23 June 2024

Hope 💝


 When looking at other

 what are you seeing?

If you see yourself 

in the same but their own

Journey, Story and Context

that is My HOPE

Hope - That all of us have in common 

despite the vast sea of differences...

Saturday, 25 November 2023

ඉස්සරහට යන්න🤔

 


: හලෝව් කොහොමද ඉතින් ජීවිතේ?


: සුපිරියක් තමයි. ඉස්සරහට ගලා ගෙන යනවා ඉතින්: කඳු, පල්ලම්, කැලෑ, ගම් දනව් නගර මැද්දෙන්


: ඉතින් ඔහොම ගලාගෙන යන්නම ඕනි ද?


: නැතුව ඉතින්; ඒක තමයි ජීවිතේ කියන්නෙ. ඔහේ වගේ එක තැන ඉන්න එක නෙමෙයි ජීවිතේ 


: එහෙනම් මොකක්ද ජීවිතේ කියන්නෙ?


: ජිවිතේ කියන්නෙ අරමුණක් හදාගෙන ඒක වෙනුවෙන් මහන්සි වෙන එක. දැන් මම නම් මුහුද හොයාගෙන යනව මේ..


: ඉතින් ඒකට මාර කට්ටක් නෙහ් කන්නෙ?


: ඒ කට්ට නිසා ලස්සනකුත් තියෙනවා. දියඇලි කියන්නෙ අන්න ඒකට හොඳ උදාහරණයක්..


: ඒකත් ඇත්ත. හැබැයි මේ මං වගේ නැවතිලා ඉන්න එක ගැන මොකද හිතන්නෙ


: තමුන්ද? තමුන් එක තැන පල් වෙනව නෙහ්… දියුණුවක් තියෙනවද? අරමුණක් තියෙනවද? ඕකට ජීවත් වෙනවා කියල කියන්න පුළුවන්ද?


: මටත් ලොකු අරමුණක් තියෙනව ජීවිතේ


: (කින්ඩියට) සිරාවට? කියමුකො බලන්න එහෙනම්


: මං නිසා මේ පලාතෙම මිනිස්සුන්ට කොච්චර ප්‍රයෝජනයක් ද? කන්න බොන්න නාන්න වවන්න හැමදේකටම වතුර දෙන්නෙ මම නෙහ්..


ඒ වගේම හවසට බලන් ඉන්න කොච්චර ලස්සනද?


: (කල්පනා කරමින්) ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි මොනවා උනත් ජීවිතේ ඉස්සරහට ගලා ගෙන යන තමයි වැදගත්ම…


: ඇයි ආයෙත් එහෙම කියන්නෙ?


: කෝ තමුන් ජීවිතෙ විඳල තියෙනවද? අත් දැකල තියෙනවද කිසි දෙයක් නෑ. එක තැන පල් වෙවී ඉන්නව. අනිත් අයට උදව් කරන එක හරි තමයි. තමුන්ගෙ ජීවිතේට මොනවත් නෑ නෙහ්..


: ම්ම් ඒක ඇත්ත තමයි. මට එහෙම ජීවිතේ ලොකුවට විඳින්න කියලත් වුවමනාවක් නෑ…. ජීවිතේ මොන වගේ ද කියලා මම ඉතින් මාව පහු කරගෙන යන අයගෙන් අහලා දැන ගන්නවා..


: දැන් ගන්න එකයි, ඒක තමුන්ම විඳින එකයි දෙකක් මනුස්සයො…


: අනේ මන්දා මට නම් හිතෙන්නම මෙහෙම ඉන්න එක නිදහසයි නිස්කලංකයි කියලා..


: ඔහෙට කියලා වැඩක් නෑ… මගෙ වෙලාවත් නාස්ති වෙනවා… මම යනවා යන්න…


: හරී සුබ ගමන් එහෙනම් for the adventurous life ahead🤗


ජිවිතේ අරමුණු පස්සෙ ඉස්සරහට යන්නම ඕනිද?

(යනව නම් කමක් නෑ දුවන එක නෙහ් කරන්නෙ 🙁)












Tuesday, 31 January 2023

කෙසේ නමුත් දැනගෙන වලේ වැටෙන්න

Game of Thrones කතා මාලාව ඔයා බලලා තියෙනවද? 

 Game of Thrones,  derniers combats

ඒකේ බලන්නකො අපි හැමෝම බලන්නෙ ඒකෙ 

ඉන්න ප්‍රධාන චරිතය ටික ගැන..

 

රජවරු, රුජිනියන්, සහ ඔවුන් අවට ඉන්න යම්කිසි

 සමාජ දේශපාලන ආර්ථික බලයක් තියෙන අය තමයි කැපිලා පේන්නෙ. 

 

එතකොට කතාවෙ හැබැයි බහුතරයක් ඉන්නෙ

 සාමාන්‍ය මිනිස්සු, සෙබලු වගේ අය.

 

මේ කතාවෙ ප්‍රධාන දෙයක් තමයි යුද්ධ. 

මේ යුද්ධ වලදි සාමාන්‍ය මිනිස්සු, සෙබලු 

ඕනි තරම් තුවාල වෙනවා, මැරෙනවා 

අපිට ප්‍රශ්නයක් නෑ නේද? 

 

ඒ වගේම යුද්ධ පටන් ගන්න; කතාවේ ප්‍රධාන චරිත වලට , 

 මැරෙන තුවාල වෙන මිනිස්සු ගැන දුකක් එහෙම තියෙනවද? එයාලට  ප්‍රශ්නයක් නෑ නේද?  

  

අන්න ඕකම තමයි අපි ජීවත් වෙන ලෝකෙත් වෙන්නෙ. 

 

දේශපාලනික, ආර්ථික Game වල ගොදුරු වෙන්නෙ බහුතරයක් සාමාන්‍ය මිනිස්සු. ආර්ථික, සමාජ දේශපාන බලයක් නැති මිනිස්සු. 

 

හැබැයි බලය තියෙන සහ බලය  ඉල්ලන, සල්ලි තියෙන මිනිස්සුන්ට ඒක අදාල නෑ. 

 

ලංකාවෙත් එහෙම නෙමේද? 

රෝහල් වල බෙහෙත් නෑ අවශ්‍ය දේවල් නෑ..

සෑහෙන මිනිස්සු ප්‍රමාණෙකට හරියට කන්න බොන්න නෑ..

ළමයිට හරියට ඉගෙන ගන්න නෑ…

 

 

හැබැයි සල්ලි තියෙන මිනිස්සුට, මේ ප්‍රශ්න අදාළ නෑ නේද? දොස්තරලට, නීතීඥයන්ට, දේශපාඥ්නයන්ට එහෙම..

 

 ---------------------------------------------------------------------------

 

 

හැබැයි මෙහෙම දේකුත් තියෙනවා..

 

පළවෙනි එක තමයි. මිනිස්සුන්ට අවිඥානයක් තියෙනවා.

 දැනට තියෙන දත්ත අනුව මිනිස්සු අවිඥානිකව තමයි

ගොඩක් වෙලාවට (90%ක් තරම් වෙලාවට) වැඩ කරන්නෙ. (1), (2) 

 


ඉතින් එතකොට

හොයල බැලුවොත් අපිට දැන ගන්න පුලුවන් රටේ, ලෝකේ ගොඩක් පෝසත් වෙලා හෝ බලය ලබාගෙන හෝ සමාජයේ කැපිලා පේන වගේ  ඉන්න අයගෙන් ගොඩක් අය පොඩිකාලෙ දුප්පත් අය, වෙනත් පීඩාකාරී මානසික තත්ව වල හිටපු අය.

 

එයාලා පොඩි කාලෙ ලැබුණ ඒ මානසික කටුක බව, පීඩනය නැති කරගන්න පුලුවන් තරම් සල්ලි හොයනවා සමහර අය බලය හොයනවා…

 

අහල ඇති නෙහ් අරයා පාර්ලිමේන්තුවට ආවෙ පුට්බයිසිකලෙන්, අරයා මාල හොරකම් කරා කියලා ඒත් දැන් මෙහෙමයි කියලා… අන්න ඒ වගේ…

 

එතකොට මහින්ද රාජපක්ෂ ඇතුලු ලංකාවෙ ගොඩක් දේශපාලකයෝ එහෙම මානසික තත්ව වල ඉන්න අය. ඉතින් ඒ මානසික ප්‍රශ්න වල ප්‍රතිවිපාක විඳින්න වෙන්නෙත් සාමාන්‍ය මිනිස්සුන්ටමයි.

 

මේ වගේ  දේශපාලකයන්ගෙ පෞද්ගලික දේවල්, මානසික තත්ව වගේ ගොඩක් දේවල් තියෙනවා,  ඒවා අපි නොහිතන  ගොඩක් විදි වලට අපේ ජීවිත වලට වගේම අනාගත පරම්පරා වලටත් බලපානවා…

 

 

( හැබැයි දියුනු මිනිස්සු තමන්ට එහෙම ප්‍රශ්නයක් තියෙන බව දැනුවත්.. ඒ වගේම ඒක පිලිගන්නවා..

මේ චමත් පලිහපිටිය - මෙතන 39 මිනිත්තුවෙ වගේ ඉදලා 43 මිනිත්තුව වගේ වෙනකම් අහලා බලන්න.

 

https://youtu.be/PMotykw0SIk?t=2375 

)

 

(මම දන්න විදියට මිනිස්සුන්ට අවිඥානයක් තියෙන එක ගැන ලංකාවෙදි දේශපාලනිකව මුලින්ම කතා කරේ. දීප්ති කුමාර ගුණරත්න 


)

 

—-----------------------------------------------------------------------

දෙවෙනි එක තමයි ගොඩක් වෙලාවට අපිට තම තමන්ව පාලනය කරගන්න බෑ 

 

Inside out movie එක බලලා තියෙනව නම් ඒකෙත් තියෙනවා මේ වගේම අදහසක්. මොලේ ඇතුලෙන් තමයි අපිව, අපේ හැඟීම් පවා පාලනය වෙන්නෙ.

 


 

හෝමෝන, එතකොට කලින් කියපු අවිඥානය වගේ ගොඩක් දේවල් බලපානවා අපි කරන කියන හිතන දේවල් පාලනය වෙන්න.

------------------------------------------------------------

 

තුන්වෙනි එක තමයි මිනිස්සු හැමෝටම තම තමන්ගෙම ප්‍රශ්න තියෙනවනෙ. ඒ ටික විසඳගන්න තමයි හැමෝම දඟලන්නෙ.

 

ඉතින් එතකොට මනුස්සයො හැටියට අපිට, තමන්ගේ සහ ළඟම අයගේ හැර අනිත් මිනිස්සුගෙ ප්‍රශ්න හෝ දේවල් අදාළ නෑ නෙහ් ඇත්තටම.. 

  

 ------------------------------------------------------------

  

ඉතින් බලය තියෙන අයටත් මේ කරනු  3 අදාළයි. බලය ගන්න කලින් කරන කියන දේ නෙමෙයි ගත්තට පස්සෙ වෙන්නෙ.

 

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාවෙත් බලය(දේශපාලන, ආර්ථික, සමාජීය) තියෙන, ඉල්ලන ඕනිම කෙනෙක් ඔච්චරම තමයි. නැවතත් කියනවා ඕනිම කෙනෙක්..

  

ඉතින් ඔයාලා මේ පාර වලේ වැටෙනකොට දැනගෙන වැටෙන්න… 

 


 

 

Monday, 21 November 2022

ජීවිතේ ප්‍රශ්න පත්තරේ

 අපේ ජීවිතේ දළ වශයෙන් ප්‍රධාන කොටස් 3 කට බෙදා ගන්න පුලුවන්. 

1. රැකියාව / ජීවනෝපාය ආශ්‍රිත ජීවිතය

2. පෞද්ගලික ජීවිතය

3. සමාජ ජීවිතය  



 (මේ ජීවිත 3 මෙන්න මේකයි කියලා ඉරක් ගහලා වෙන් කරල දක්වන්න බැහැ 3ම එකිනෙකට සම්බන්ධයි. නමුත් අපිට වෙනස්කම් හඳුනා ගන්න පුලුවන්... 

ඒ ඒ අවස්ථා වලදි අපි හැසිරෙන විදිය, ඒ ඒ අවස්ථා වල අපිට ඕනි කරන දැනුම, කුසලතා වල වෙනස්කම් වගේ දේවල්)

 

ඉතින් අපේ ජීවිත කාලෙන් සැලකිය යුතු කාලයක් මේ එක එක කොටස් වල අපි ගත කරනව. 

 ඉතින් ඒ එක එක කාලය වඩාත් හොඳින් (අපේ දැනුමේ තරමට) ගත කරන්නයි හැමෝටම අවශ්‍ය වෙන්නෙ. 

ගොඩක් වෙලාවට මේ අවස්ථා 3ම සාර්ථක, යහපත් වෙන්නෙ නෑ හැමෝගෙම.. 

එක්කො පෞද්ගලික ජීවිතේ අවුල් වෙලා, එහෙම නැත්නම් රැකියාවෙ ප්‍රශ්න.. එහෙමත් නැත්නම් යාලුවො එහෙම කවුරුත් නෑ... ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න වලින් පිරුනු ජීවිතයක් තමයි ගොඩක් වෙලාවට ගොඩක් අයට ගත කරන්න වෙලා තියෙන්නෙ. 

ජීවිතේදී වැදගත් වෙන්නෙ ප්‍රශ්න නැති වෙන එක හෝ ප්‍රශ්න මඟ අරින එක නෙමෙයි.. ඒ ප්‍රශ්න වලට අපි කොහොමද මුහුණ දෙන්නෙ, ප්‍රතිචාර, ප්‍රතික්‍රියා දක්වන්නෙ කොහොමද කියන එකයි. 

එකම දේ උනත් විවිධ පුද්ගලයො වෙනස් වෙනස් ආකාර වලින් ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්න පුලුවන්..

 


 

 මෙන්න මේ ජීවිතේ  කියන ප්‍රශ්න පත්තරේ ට අපි උත්තර දෙන විදිය අනුව අපේ ජීවිතේ සාර්ථකද නැද්ද තෘප්තිමත් ද නැද්ද හොඳින් ගත කලා ද නැද්ද කියලා අපිටම  අදහසක් ගන්න පුලුවන්...

 ඉගෙන ගන්නවා කියන්නෙ මේ ජීවිතේ ප්‍රශ්න පත්තරේට මුහුණ දෙන්න පුරුදු පුහුණු වෙනවා කියන එක නේද? 


Saturday, 19 November 2022

වැදගත් දේවල් උගන්නන එපා….


 

අපි අපේ අධ්‍යාපන ක්‍රමට විරුද්ධව 

ගේන තර්කයක් තමයි වැදගත් දේවල්

 ඉස්කෝලෙන් උගන්නෙ නෑ කියලා. 


ඒක බොරුවක් කියන අය ඉන්නවද? 


මටත් හිතෙන විදියට ඒක ඇත්ත. 


හැබැයි මට තේරෙන විදියට මිනිස්සු

 තමන්ගෙ මොකක් හරි අසාර්ථකත්වයක,

 වැරදීමක වගකීම (responsibility) තමන්ට

 නොගෙන ඒක බාහිර කෙනෙකුට දාන්න

 හදන බොළඳ උත්සාහයක් කියලා. 


මොකද ඔය time management, 

financial literacy, mental wellbeing වගේ

ජීවිතේට වැදගත්ම දේවල් (life skills)

මොනයම් හෝ විදියකින් ඉස්කෝලෙන්

 ඉගැන්නුවත් අපි ඇත්තම 

ඉගෙන ගන්න එකක් නෑ… 

දෙයක් ඇත්තටම ඉගෙන ගන්න ඕනි 

කෙනා කොහොම හරි ඉගෙන ගන්නවා. 

 


අනිත් එක අපි දෙයක් තමන්ම ඉගෙන 

ගන්නව නම් ඒක ගොඩක් හොඳට 

අවබෝධ වෙනවා… 

වෙන කෙනෙක් කොච්චර වැදගත් දෙයක් 

උනත් අපිට උගන්නන්න හැදුවොත්

 අපිටම එපා වෙන්න පුලුවන්….

 


ඉතින් මගේ අදහස ජිවිතේට වැදගත් වෙන

 කිසිම දෙයක් ඉස්කෝලෙන් උගන්න

 එපා කියලා. එතකොට ඒවා ඇත්තටම ඕනි

 අය විතරක් හොයලා බලලා ඉගෙන ගනීවි. 

නැත්නම් ජීවිතේ ජීවත් වෙනකොට ඉගෙන ගනීවි….


ඔයාලා මොකද හිතන්නෙ ඒක ගැන🤔



මං සහ මඟ